IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විශ්‍රාමික සාදයේදී ‘වෙජිටේරියන් මිතුරියට’ ඩෝං ගිහින්

කන්තෝරු මිතුරියන් දෙදෙනාගේ විශ්‍රාම පාටියට මස්, මාළු, බිත්තර සහිත කෑම වර්ග එකතු කළේයැයි උරණ වූ වෙජිටේරියන් මිතුරිය සාදයේ බරපැන සම සමව බෙදාගැනීම ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයක ආයතනයකින්  පසුගියදා අසන්නට ලැබිණි.

එකම ආයතනයක සේවය කළ මෙම සේවිකාවන් දෙදෙනාගේ  ⁣සේවයෙන්  විශ්‍රාම යාම එකම දිනයකට යෙදී තිබිණ. විශ්‍රාම යාම නිමිත්තෙන් කන්තෝරුවේ සෙසු මිතුරු මිතුරියන් සඳහා තේ පැන් සංග්‍රහයක් දීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන කටයුත්තකි. මේ සඳහා රුපියල් විසි දහසක පමණ මුදලක් වැය වන බව ගණන් බැලීමේදී දෙදෙනාට අවබෝධ විය.

‘‘එහෙනම් ඔයා අවශ්‍ය කරන බඩු ගේන්න, මම පස්සෙ සල්ලි දෙන්නම්”‍ යැයි  කියා ඇති වෙජිටේරියන්  මිතුරිය  තමන්ට වෙජිටබල් රෝල්ස් දෙකක් ඇණවුම් කරන ලෙසත්  අනෙක් මිතුරියට කියා ඇත.

පවතින අධික බඩු මිල හමුවේ සංග්‍රහ වියදම දෙදෙනා සමඟ  සම සමව  බෙදාගෙන කටයුතු කිරීමට ලැබීම එම දෙදෙනාගේ හොඳ වෙලාවට සිදුවූ දෙයක් බව මේ ගැන දැනගත් කන්තෝරුවේ සෙසු අයගේ මතය විය.

නියමිත දින නියමිත වේලාවට කට්ලට්, රෝල්ස්, කේක් සහ කෙසෙල් සහිත  සංග්‍රහ මේසය  සූදානම් කෙරිණි.

විශ්‍රාම සාදය අවසන් වීමෙන් පසුව සාදයට වියදම් කළ මුදලෙන් අඩක් වූ රුපියල් නව දහස් ගණනක මුදල ලබාදෙන ලෙස මුදල්  වියදම් කළ මිතුරිය වෙජිටේරියන් මිතුරියගෙන් ඉල්ලා සිටියේ සියලු‍ බිල්පත්ද ඉදිරිපත් කරමිනි.

එවිට තමා ආගම දහමට අනුව ජීවත් වන, මස්, මාළු, බිත්තර නොකන කෙනකු බවත් එවැනි පිළී දේවල් යෙදූ කිසිම දෙයක් වෙනත් කෙනෙකුටවත් තම මුදලෙන් රැගෙන නොදෙන බවත් පවසා ඇති වෙජිටේරියන් මිතුරිය සාදයට ගෙනා කෙසෙල් සහ තේ සඳහා වූ රුපියල් 3500ක මුදල පමණක් ගෙවීමට හැකි බව ප්‍රකාශ කිරීමත් සමඟ අනෙක් මිතුරියට දෙවියන් සිහිවුණාලු‍.

පොල්ගස්ඕවිට​ එස්. වික්‍රමආරච්චි

 



අදහස් (0)

විශ්‍රාමික සාදයේදී ‘වෙජිටේරියන් මිතුරියට’ ඩෝං ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site