IMG-LOGO

වලස් සුරතලා මගුලත් කඩලා

ටෙඩි බෙයා නම් වලස් බෝනික්කකු විසින් මනාල යුවළක් ගොළුවන් බිහිරන් බවට පත් කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.

ඇය කුඩා කල සිටම මේ “ ටෙඩි බෙයා” තුරුළු කරගෙන නින්දට යාමට පුරුදුව සිටි අතර පසුගියදා යෝජිත මනාලයකු හා විවාහ වී මධුසමය ගත කිරීමට ගියේ ද මේ වලස් බෝනික්කා රැගෙනය. රාත්‍රි නින්දට සූදානම්ව මේ බෝනික්කා වැළඳ ගැනීම ගැන කෝපයට පත් මනමාලයා එම “ටෙඩි බෙයා” රැගෙන කාමරයෙන් එළියට වීසි කළේය. මෙයින් මද තැතිගැන්මට පත් ඇය ද තම වලස් බෝනික්කා ආපසු ගෙනත් දෙනතුරු ඔහු සමග කතා නොකරන බව කීවේ ස්ථිර හඬිනි.

මනාලයා මේ ඉල්ලීම ඉටු නොකළෙන් දෙවැනි ගමන දා මෙම දෙදෙනා අතර කතාබහ නොවීම දෙපාර්ශ්වයේම නැදෑයන්ගේ කතාබහට ලක් විය. මනාලියගේ මව දුවගෙන් කරුණු විමසීමේදී ඇය සිද්ධිය පවසද්දී මවට දෙවියන් සිහිවුණාලු.

(තිහගොඩ - උපසේන ලියනගම) 



අදහස් (0)

වලස් සුරතලා මගුලත් කඩලා

මනෝජ් Thursday, 06 October 2016 04:02 AM

ජීවිතයේ අමතක නොවන දවසක් මධුසමය දිනය. ඒවගේ දවසක දෙදෙනාම එකිනෙකාගේ ආදරය අවබෝධ කරගන්නවා මිසක් තමාගේ හුරතල් වැඩ පෙන්වීම මහා බොළඳකමක්. (නි)

:       0       0

ශාන්ත Sunday, 09 October 2016 04:24 PM

සමහර මනමාලියෝ ළඟ තියෙනවා බොරු මනස්ගාත. මොකටද හෝටලේට ටෙඩි බෙයා අරන් ගියේ? දෙන්නම එළියට දාලා දොර වහලා නිදාගන්න තිබුනේ පහුවෙනිදට නෑදෑයින්ට දෙලොව රත්වෙන්න (නි)

:       0       0

සෙලනිකස් Wednesday, 05 October 2016 01:40 PM

මහා මෝඩ මනමාලයෙක්නේ. බෝනික්කෙක් බදාගත්තා මිස වෙන මිනිහෙක් බදාගත්තා නොවේනේ. ප්‍රවේශමෙන්, හිත නොකැඩෙන විදිහට විසඳන්න තිබුණු දෙයක් අනවශ්‍ය විදිහට ලොකුකරගෙන. (නි)

:       0       0

හිමාල් Thursday, 06 October 2016 06:54 AM

හොඳ ‍රැවුලක් තියෙන වලහෙක් වගේ මහත්තයෙක් හොයා ගත්තා නම් හරිනේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 06 October 2016 07:10 AM

මමනම් ටෙඩිවයි මනමාලයි දෙන්නවම එලියට දාලා තනියම නිදාගන්නවා. (ර)

:       0       0

මනෝජ් Wednesday, 05 October 2016 04:46 PM

මේ ගැහැණු ළමයාට සාමාන්‍ය බුද්ධියක්වත් නැද්ද? (නි)

:       0       0

සිල්වා Thursday, 06 October 2016 09:20 AM

සිරිපාල ... ඩබල් මීනින් කියනවා වගේ මට පේන්නේ..(බ)

:       0       0

රොහාන් Wednesday, 05 October 2016 06:14 PM

මේතරම් බොළඳ කෙනෙක් එක්ක ගෙවන ජීවිතයක් සාර්ථක වෙයිද? (නි)

:       0       0

සිරිපාල Wednesday, 05 October 2016 06:41 AM

අපෝ ඕවා මොනවද....? මං අපේ හාමිනේ ගෙනා පූස් තඩියට පයින් ගහලා මට වුණ ඒවා මේකෙ දාන්නත් බැහැ (නි)

:       0       0

නිරූ Wednesday, 05 October 2016 07:10 AM

ඔය වලහව දිවිය කාපිය...(බ)

:       0       0

රූපවතී Wednesday, 05 October 2016 07:15 AM

අනේ මට හිනත් ගියා ..? කුඩා කාලේ මට සෙල්ලම් කරන්න බෝනික්කෙක්වත් තිබුනේ නැහැ ..?ගමේ හොදම යෙහෙළියට එයාට බෝනික්කෙක් හිටියා ..මම මගේ යාලුවත් සමග එයාගේ ගෙදරට සෙල්ලම් කරන්න යන්නේ අර වඩු මඩුවලින් උළුවහු සයිස් එකේ කපල අයින් කරන කුඩා කොට්ට කෑල්ලක් තමයි මගේ බෝනික්කට හිටියේ. (බ)

:       0       11

මෙලනි Wednesday, 05 October 2016 08:59 AM

අනේ මන්දා සෙමෙන් මනස වැඩෙන තරුණියක් වෙන්න ඇති. (ර)

:       0       0

සරත් Wednesday, 05 October 2016 09:02 AM

කොහොමද හිටියේ එහෙම. (ර)

:       0       0

සරත් Wednesday, 05 October 2016 09:24 AM

ඒක හරියන මගුලක් නෙවෙයි. (ර)

:       0       0

තරිඳු Thursday, 06 October 2016 02:05 AM

කෙල්ල තවම සමජගතවෙලා නැහැ. ඇය ගෙදර හුරතලයට හැදුනු කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

ජනහිත Thursday, 06 October 2016 02:45 AM

මනමාලයා විවාහයට පෙර මෙයා ආශ්‍රය කරලා නැහැ වගේ. මේවා නම් අදහන්න බැරි වැඩ. ටිකක් හෝ ඉවසුවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ කාටවත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site