වියලුව වාර්තාකරු
වැලන්ටයින් දා තම බිරිය පුදුම කරවීමට ගිය සැමියකුට බිරියගේ දෙස් දෙවොල්වලට ලක්වෙමින් වැලන්ටයින් දිනයේ වැළපෙමින් කල් ගත කරන්නට සිදුවූ පුවතක් වියලුවෙන් වාර්තා වෙයි.
ඔහු රජයේ සේවකයෙකි. ඔහු සිය පවුලට වැදගත් වසරේ සෑම දිනයක්ම නොපිරිහෙලා සැමරුවේය. වැලන්ටයින් දිනය ද ඔහුට වැදගත් දිනයකි. බිරිය එක්ව එය ඉහළින් සමරන්නට සිතුවේ ඇය පුදුම කරවන අදහසිනි.
ඒ වෙනුවෙන් වැලන්ටයින් දින එළැඹෙන්නටත් පෙරම වටිනා චොකලට්ටුවක් හා වටිනා රතු රෝස මල් කලඹක් මිලදී ගත්තේ සිය බිරිය වෙනුවෙනි.
මිලදී ගත් මොහොතේම එය බිරිය අතට දෙන්නට සිත්වූවත් වැලන්ටයින් දිනය එළැඹෙන තෙක් එය සිය මෝටර් රථයේ සඟවා තැබුවේ නිවෙසට රැගෙන ගියහොත් එය බිරිය දකීවි යන සැකයටය. එහෙත් වැලන්ටයින් දා පහන් වන තුරු ඔහු කල් ගත කළේ නොඉවසිල්ලෙනි.
වැලන්ටයින් දිනට හෝරා කීපයක් තිබියදී සිදුවූයේ ඔහු සිහිනයකින් හෝ බලාපොරොත්තු නොවූ දෙයකි. නැති වූ කිසියම් දෙයක් සොයමින් සිටි බිරිය බැරිම තැන මෝටර් රථයේ දොරවල්ද විවෘත කරමින් එහි අස්සක් මුල්ලක් නෑර පීරමින් එය සොයන්නට වූයේ නැති වූ භාණ්ඩය මෝටර් රථයේ හෝ ඇත්දැයි සිතමිනි.
අවසානයේ ඇගේ අතට හසු වූයේ සිය සැමියා ගෙනවිත් සඟවා තැබූ වටිනා චොකලට් එකක් හා මල් කලඹකි.
පෙර වැරදි ඇති සැමියා ගැන හොදින් දන්නා ඇය කෝපයෙන් පුපුරු ගසමින් චොකලට් එක හා මල් කලඹ අතට ගෙන වැළහින්නක සේ විලාප නගමින් සැමියාට ගෝරනාඩු කරන්නට වූයේ පැරණි ආදරවන්තියට දීම සඳහා ගෙනැවිත් තැබූ තෑග්ග දෙවියන් විසින් හෝ තමා ගේ නෙත් දෙකට පෙන්නුම් කළ බව පවසමිනි.
මල්කලඹ පොළොවේ ගසමින් හා චොකලට්ටුව කඩා සීසීකඩ විසුරුවමින් වැළපෙන්නට වූ ඇය සැමියාට දොස් තැබුවේ තමන් කොපමණ ආදරේ කළත් මේ මිනිහා මහ වල් මිනිහෙක් යැයි ගමටම ඇසෙන්නට කෑ ගසමිනි.
සිදු වූවේ කුමක්දැයි කොතෙක් පැහැදිලි කරන්නට ඔහු උත්සාහ කළද පලක් නොවිණි.
අවසානයේ සිය බිරිය පුදුම කරවමින් මහත් ඉහළින් වැලන්ටයින් සමරන්න සිහින මවමින් සිටි ඔහුගේ සිහින බොඳවී ගියේ කිසිදු අයුරකින් බලාපොරොත්තු නොවූ සිදුවීමකිනි.
බිරියත් සැමියාත් වැලන්ටයින්දා දෙපසකට වී සුසුම් හෙළමින් කල් ගත කළද විසිරුණ චොකලට් කෑලි හයක් හතරක් නොදත් නිවෙසේ කුඩා දරුවන්ට දෙදෙනාට රජ මගුලක සිරි ගෙනාවේය.
2025 ඔක්තෝබර් මස 08
1926
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1534
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
වැලන්ටයින් දා මරාලයක් කඩා වැටිලා
pakeer Wednesday, 15 February 2023 09:13 PM
පෙර වැරදි ඇති එකෙක් නම් මේ පාරත් මූ ට්‍රයි කරේ හොර සීන් එකකට තමයි .දැන් මූ බබා පාට් දානවා