IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වැලන්ටයින් දිනයේ පෙම්වතාගේ තෑග්ගට පෙම්වතියට දුක හිතිලා

පෙම්වතුන්ගෙ දිනයේ දී සිය පෙම්වතියට තෑග්ගක් දීමට මුදලක් නොමැතිව කනස්සල්ලෙන් සිටිය දී මිතුරන් පිරිසක් එකතු කර දී ඇතැයි කියන  මුදලකින්  කුඩයක්, චොකලට්ටුවක් අරන් කෑගල්ල නගරයේ දී පෙම්වතියට දී ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

සිය පෙම්වතියට කුඩයකුයි, චොකලට් එකකුයි අරන් දී ඇතැයි කියන තරුණයාගේ වයස අවුරුදු 21 කි. ඔහුගේ පියා කුලී වැඩ කරන්නෙකි. මව ගෘහණියකි. බාල සහෝදරිය පාසල් යන්නීය. පියාට ද මේ දිනවල හරිහමන් කුලී වැඩක් ද නොමැත. එදා වේල හොයා ගන්නේ ද අමාරුවෙනි.

තරුණයා උසස් පෙළ විභාගයට දෙවරක් පෙනී සිටිය ද විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට නොහැකි වී තිබේ. පසුව නොමිලේ  උගන්වනු ලබන කෑගල්ලේ විදුලි කාර්මික පාඨමාලාවක් හැදෑරීමට ඇතුළත් වී ඇති තරුණයා පියා විසින් අරන් දී ඇති මාසික වාර ප්‍රවේශ පත්‍රයෙන් යන එන බව වාර්තා වෙයි.

මීට මාස තුනකට පමණ ඉහතදී පාඨමාලාව හැදෑරීමට පෙරවරුවේ යන අවස්ථාවේ දී මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණියක් කෙරෙහි සිත යොමු වී ඇති තරුණයා ඇය පසුපස දින කිහිපයක් හඹා ගොස් කතාබහ කර හිතවත් කමක් ඇති කරගෙන තිබේ.

පසුව දෙදෙනා දුරකතන වලින් තොරතුරු හුවමාරු කරගෙන තවදුරටත් හඳුනාගෙන පෙම්වතුන් ලෙස මේ වන විට ඇසුරු කරමින් සිටිති.

තමන්ගේ පළමු ප්‍රේම සම්බන්ධතාවත් පළමු පෙම්වතුන්ගේ දිනයත් යෙදීම හේතුවෙන් පෙම්වතියට යමක් අරන් දීමට මුදල් නොමැතිව දින ගණනාවක් තිස්සේ තරුණයා කල්පනා කරමින් නිවසේ සිට තිබේ. ඒ හේතුවෙන් දින ගණනාවක් තරුණයාට රාත්‍රියේ නින්ද ගියේද නැත.

අසල්වැසි තරුණයෙක් ‘‘ඈ බං උඹ වෙනදාට වඩා මොනව ද කල්පනා කරන්නේ” යි මොහුගෙන් විමසා තිබේ.  මචං පෙම්වතුන්ගෙ දිනය එනවා. ගෑනු ළමයට කුඩයකුයි, චොකලට් එකකුයි වත් අරන් දෙන්න ඕනෑ. නැති නම් මට හොඳ නෑනේ. මොකවත් අරන් දෙන්න අතේ සතේ නෑ මචං. තාත්තාටත් හරි හමන් වැඩක් නෑ යනුවෙන් බැගෑපත්ව අසල්වැසි තරුණයාට පැවසීය.

අසල්වැසි තරුණයා ද හිතවත් කිහිප දෙනෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඔවුන් කිහිප දෙනෙකු එක්ව රුපියල් 2,500 ක මුදලක් එකතු කර කුඩයකුයි චොකලට් එකකුයි අරන් දීපන් යනුවෙන් දන්වා තරුණයාට ඉකුත්දා මුදල දී තිබේ.

පසුව තරුණයා රාත්‍රියේ පෙම්වතියට කතා කර පසුදාට යෙදෙන පෙම්වතුන්ගේ දිනයේ කෑගල්ල නගරයට පැමිණෙන ලෙස දන්වා නියමිත දින පෙරවරුවේ කෑගල්ල නගරයට ගොස් වෙළෙඳසලකින් කුඩයකුයි චොකලට් එකකුයි රෝස මල්පොකුරකුයි මිලට ගෙන පෙම්වතියට  ලබාදී තිබේ. පසුව තරුණයාට ද පෙම්වතිය පොඩි ත්‍යාගයක් ගෙනැවිත් දී තිබේ. ත්‍යාගය රැගෙන ආපසු බස් රථයෙන් නිවස කරා පැමිණෙන අතරේ තරුණයා තමන්ට දුන් ත්‍යාගය දිග හැර බලා තිබේ. එහි තිබී ඇත්තේ චොකලට් එකක් සහ හසුන් පතකි.

හසුන් පත දිග හරිද්දී රුපියල් 5000සේ නෝට්ටු දෙකකි. මට ඔයාට ඇඳුම් ගන්න තේරෙන්නේ නෑ. මේ සල්ලි වලින් කලිසමකුයි කමිසයකුයි ගන්න යනුවෙන් සඳහන් කර තිබේ.

පසුව තරුණයා ගමට ගොස් රුපියල් 2,500 ක මුදල එකතු කර දුන් තරුණයාට සිද්ධිය දන්වා ආපසු රුපියල් 2500 ක මුදල දී තිබේ. අසල්වැසි තරුණයා රුපියල් 2500 ක මුදල ආපසු ගෙන නොමැත. මුදල් දුන් තරුණයන් පිරිස සමග තරුණයා චොකලට් එක බෙදා හදාගෙන කා ඇති බව වාර්තාවේ.

කෑගල්ල අධිකරණ
චමින්ද වැවතැන්න



අදහස් (0)

වැලන්ටයින් දිනයේ පෙම්වතාගේ තෑග්ගට පෙම්වතියට දුක හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site