(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සංවිධායකයින්ට සිදුවූ අත්වැරැද්දක් නිසා ග්‍රීස් ගසේ කොඩිය ගැලවීමේ තරගය වෙනස් කරන්නට සිදුවූ පුවතක් පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයක පැවති අවුරුදු උත්සවයකදී වාර්තා විය.
දිවයිනේ ප්‍රධාන පෙළේ ආයතනයක ප්‍රධානියාගේ සහභාගිත්වයෙන් අවුරුදු උත්සවයක් සංවිධාන කරනු ලැබීය. මේ සඳහා පළාතේ කොටසක සේවක පිරිස් මෙන්ම ජනතාවද සහභාගි වූහ.
මෙම අවුරුදු උත්සවයේ ක්‍රීඩා හා තරග අතර ග්‍රීස් ගසේ කොඩිය ගැලවීමේ තරගයක්ද පැවැත්වීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව නියමිත දිනයේ උදෑසන සියල්ලු සූදානම් කෙරිණි. මනා ලෙස සැකසූ පුවක් ගසේ ග්‍රීස් තවරා කොඩිය සවිකර එය සිටුවීම පැවරුණේ ඒ ගැන මනා දැනීමක් තිබූ නිලධාරියකුටය.
මෙම අයගේ අධීක්ෂණය යටතේ ග්‍රීස් ගස සිටුවා බලද්දී කොඩිය සවි කර තිබුණේ නැත. එය අත පසුවූ බව තේරුම් ගියේ ඊට පසුවය. දැන් කරන්නට දෙයක් නැත. පෙරළුණු පිට හොදයි කියා සංවිධායකයෝ තරගයේ වෙනසක් කළහ.
ඒ අනුව තරගකරුවන් ග්‍රීස් ගස තරණය කර ජාතික කොඩිය එය මුදුණේ සවි කළ යුතු බවට අවසානයේ තීරණය කෙරිණි. ඒ අනුව පළමු වරට දිවයිනේ අවුරුදු උත්සවයක ග්‍රීස් ගසේ කොඩිය සවි කිරීමේ තරගයක් පැවැත්වුණු අතර ඒ සඳහා වැදගත් කොඩියක් භාවිතා කරනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැරැද්ද හරිගස්සන්නත් අවුරුදු තරගයක්