(පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ)
බස් රථයේ වාරික නොගෙවීම නිසා බස් රථය රැුගෙන යාමට පැමිණි මුුුල්‍ය සමාගමේ පිරිසට බස් රථය ලබා නොදී ගියර් පොල්ල අතට ගෙන දිව ගොස් බස් රථය බේරාගත් රියැදුරකු පිළිබඳව අපුරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පෞද්ගලික බස් රථයක් වන මෙය මුල්‍ය සමාගමක ණය පහසුකම් මත ලබාගෙන ඇත. ණය මුදල නිසි ලෙස නොගෙවීම නිසා මුල්‍ය සමාගම මගින් බස්රථය ඔවුන් සතුකර ගැනීමට කණ්ඩායමක් පිටත් කර ඇත.
බස්රථ රියැදුරා මේ තත්ත්වය කලින්ම දන්නා නිසා බස් රථයේ ගියර් පොල්ල ගැලවීමට හැකි පරිදි සකස් කර ගෙන ඇත. දිනක් බස් රථය ධාවනය කරමින් තිබියදී හදිස්සියේම බස් රථයට මුල්‍ය සමාගමේ පිරිස ගොඩවැදී ඇත.
සිද්ධිය දැන සිටි රියදුරා එකවරම බස්රථය නවතා ගියර් පොල්ල ගලවා ගෙන පාරට පැන දිවගොස් ඇත. බස් එකට හොරු පැන්නා බේරා ගනියෝ යනුවෙන් කෑ ගසමින් පාර දිගේ දුවයන රියැදුරා දුටු ගම්වාසීන්් බස්රථය රැුගෙන යාමට පැමිණි පිරිසට ගුටි බැට ප‍්‍රහාර එල්ල කර ඇත. අවසානයේ ඔවුන් පණ බේරාගෙන දුවන්නට පටන් ගෙන ඇත. බස්රථය ඔවුන්ගෙන් මුදාගත් පසු රියැදුරා පැමිණ ගම්වාසීන්ට ස්තුතිය පළ කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1518
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වාරික නොගෙවූ බසය උස්සන්න ආවාම රියැදුරු අමුතු පොතක් දාලා
Sisira Friday, 21 April 2017 03:26 AM
නුවන මෙහෙයවා ගැටළු විසඳා ගැනීමට කටයුතු කල මේ රියදුරු මහතා බොහොම වටිනා පුද්ගලයෙක්. කිසිම ජීවිත හෝ දේපල හානියක් නැතිව ප්‍රශ්නයට නිවැරදි විසඳුම දී ඇති ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔහුව ආදර්ශයට ගැනීම වරදක් නොවෙයි.
Lakvidu Sunday, 23 April 2017 01:32 AM
බොරුද මන්දා??
සෙනෙවි Monday, 24 April 2017 04:46 PM
මට හිතෙන්නෙත් මේක බොරුවක් වෙන්න ඇති
saman Sunday, 30 April 2017 03:43 AM
ඉතින් ඊට පස්සේ?????????