IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වරකා කියා වැල විකුණා පොලිසිත් ගිහින්

(පුස්සැල්ලාව නිහාල් කරුණාරත්න)
වරකා කියා වෙළෙන්දකු රවටා වැල විකුණා මුදල් ලබාගෙන පැන ගිය පුද්ගලයෙකු පිළිබඳව පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය වාර්තා වූ අන්දමට එම අකරතැබ්බයට මුහුණපා ඇත්තේ නුවරඑළිය මාර්ගය අයිනේ පලතුරු කඩයක හිමිකරුවෙකි.


කොස්ගෙඩි කීපයක් රැගෙන එම වෙළඳසලට පැමිණි අයකු අයිතිකරුට ඒවා දී ඇත්තේ හොඳ රසැති වරකා බව පවසමිනි. වෙළඳසැලේ හිමිකරු ඒ සඳහා රුපියල් හයදාහක මුදලක් අදාළ තැනැත්තාට ලබාදී තිබේ.


දින කීපයකට පසු එම කොස් ගෙඩි ඉදෙන විට වෙළඳසැලේ හිමිකරුට දැනී ඇත්තේ ඒවා වරකා නොව වැල බවය. තමන් වංචාවකට අසුවී ඇති බව දැනී ඔහු ඒ පිළිබඳව පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ අදාළ පුද්ගලයාගේ නමද සඳහන් කරමිනි.


පුස්සැල්ලාව පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ. එහෙත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත්තේ වෙළෙඳසල් හිමියාට පවසා තිබූ සැකකරුගේ නම ව්‍යාජ එකක් නිසා බව සඳහන් වේ.

 



අදහස් (5)

වරකා කියා වැල විකුණා පොලිසිත් ගිහින්

sasith Wednesday, 28 March 2018 06:15 AM

වරකා තමයි පහුවෙනකොට වැල වෙන්නේ.

:       4       24

kithsiri Wednesday, 28 March 2018 06:54 AM

ගෙඩි කිහිපයකට 6000/-ක්? වරකා විකුණන්නේ කීයටද?

:       0       82

තුශා Wednesday, 28 March 2018 01:09 PM

බොහෝ විට කපටි මිනිසුන්ට අහු උනාම ඔය කතාවටත් සමහරු කියනවා නේ "කොස්ද ,දෙල්ද හාරලා බලන්න" කියලා. ඇත්තටම මේ කොස් ගෙඩි හාරලා පොඩි කෑල්ලක් කාලා බලලා, පළපුරුදු කෙනෙකුට කියන්න බැරිද වැලද වරකාද කියලා.

:       6       21

ratne Wednesday, 28 March 2018 05:57 PM

ඉදෙන්න කලින් වැලද වරකා ද කියල අඳුර ගන්න පුළුවන් ද ? ඒ කොහොමද

:       0       5

pitigala Thursday, 29 March 2018 02:08 AM

වරකා වලට වැඩිය වැල රසයි.වැල කද්දී දැනෙන රස වරක කද්දී දැනෙන්නේ නැහැ.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site