IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වියපත් පියා දිවියෙන් සමුගනිද්දී පුතා පොකැට්ටුවට විදලා

මහ ගෙදර තනිව ජීවත්ව සිටි මහලු‍ පියා මියගිය පසු ඔහු සන්තකයේ තිබුණු මුදල් පසුම්බිය සොරා ගනගිය අපූරු පුතෙකු පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ දරු සුරතල් බැලූ මේ තාත්තාගේ බිරිඳ මීට වසර හයකට පමණ පෙර දිවියෙන් සමුගෙන තිබුණි. එතැන් පටන් තනිවම සිය නිවසේ ගතකළ මෙම පියා පුලු‍වන් කාලයේ බතක් මාළුවක් උයාගෙන කා අහල පහළ වෙසෙන දූ දරුවන්ගේ ගෙවල් වලටද යමින් එමින්  මුණුබුරු මිණිබිරියන්ගේද සුරතල් බලමින් සතුටින් කල් ගෙවූයේය.
මහලු‍ව අතපය වාරුනැතිව ගියකල දරුවන් දෙන දෙයක් කාබී දිවි රැකගැනීමට ඔහුට සිදුවිය. දරුවන් තිදෙනා පියාගේ කෑම සැපයීම කාලසටහනකට අනුව බෙදාගෙන තිබූ අතර උදෑසන තේවේල හා කෑම බාරගෙන තිබුණේ නිවස ආසන්නයේම වෙසෙන දෙවැනි පුතාය. ඔහු ස්ථිර රැකියාවක් නැති මත්පැනටද ලොල් වූ අයෙකි. ලොකු පුතාත් දියණියත් මහගෙදරට නුදුරුව ජීවත් වන අතමිට සරුවූවෝ වෙති. දිවා හා රාත්‍රි ආහාර ඔවුන් දෙදෙනා බාරගෙන තිබුණි.
පසුගිය දිනෙක දෙවැනියාගේ බිරිඳ සිය මාමණ්ඩියට උදෑසන තේ වේල රැගෙන පැමිණියද ඔහු කතා කළද නැගිටින්නේ නැති නිසා ඒ බව සැමියාට දන්වා ඇත. පුතා පැමිණ බලනවිට ඔහුට පියා මියගොස් ඇති බව තහවුරු වී ඇත.
ඔහුගේ දැනුම්දීමට අනුව පැමිණි ලොකු පුතාත් දියණියත් සාකච්ඡා කොට ග්‍රාමනිලධාරිවරයා කැඳවා දේහය මල්ශාලාවක් වෙත පිටත්කර හැරියේය.


නිවසට රැස්ව සිටි අසල්වැසියෝ අවමංගල උත්සවයට සූදානම් වූහ. පැමිණ සිටි අසල්වැසියෙක්  ‘‘පෙරේදා මාමණ්ඩි අස්වැසුමත් අරන් ආව. ඒ සල්ලිත් ළඟ තියෙන්න ඇතැ”‍යි කීවේය.
 ඒ කතාවට පස්සෙ තමයි කාටත් මතක්වුනේ මියගිය පුද්ගලයාගෙ මුදල් පසුම්බිය ගැන. එහිදී මුලින්ම පැමිණි දෙවෙනියාගෙන් ඒගැන විමසූ අතර ඔහු ඒ බවක් දන්නේ නැතැයි පැවසීය. ඔහු ගැන දන්නා සහෝදරයාත් නංගීගේ සැමියාත් එකවර පැන දෙවෙනියාගේ බෙල්ලෙන් අල්ලාගෙන “මැරුම් නොකා තාත්තගෙ සල්ලි දීපන් ”‍ කියන විටම
‘‘දෙන්නං දෙන්නං ගහන්න එපා ”‍ යැයි හඬා වැටෙමින් ඉණේ සඟවාගෙන තිබුණු මුදල් පසුම්බිය ලබාදී ඇත.
‘‘මෙයාට දැන් මේ තාත්තගෙ මරණෙ වැඩටත් දෙන්න සතපහක්වත් අතේ නෑ. එහෙම එකේ මූ තාත්ත ළඟ තිබුණු එකත් හංගගෙන. තෝ ආයෙ මෙහේ නාවට කමක් නෑ”‍ යි කියා අයියා මල්ලීට දෝපාරෝපණය කර ඇත.
මියගිය පියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබූ දින දෙක තුළද මේ පුත්‍රයාගේ මුහුණ දකින්නට නොලැබුණු අතර පාංශුකූලය දෙන අවස්ථාවේද ඔහු දකින්නට නොසිටි බව අවමංගල උත්සවයට සහභාගිවූවෝ පවසති.

පෝද්දල සරත් ආනන්ද



අදහස් (0)

වියපත් පියා දිවියෙන් සමුගනිද්දී පුතා පොකැට්ටුවට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site