IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විභාගයෙන් ජයගන්න පූජාවක් තියන්න ගිය ආච්චීට මුනුපුරාගෙන් නොසිතූ පිළිතුරක්

(තිහගොඩ උපසේන ලියනගම)
පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය සුන්දර ළමා කාලය දරුවන්ට අහිමි කරන මහත් ඛේදවාචකයක් වී ඇත. දරුවන්ගේ මාපියන් මෙන් වැඩිහිටියන් ද මේ කෙරේ අනවශ්‍ය අවධානයක් යොමු කිරීම නිසා ඔවුන් විභාගයෙන් සමත් කරවීමට විවිධ ක්‍රම අනුගමනය කරති. 


පසුගියදා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකු සමඟ සිය ආච්චි ප්‍රකට දේවාලයකට ගියේ දරුවාට විභාගයෙන් ඉහළ ජයක් ගැනීමට පූජාවක් කිරීමටයි. ඇය පූජාව අවසානයේ “මම ඔන්න පුතා ඉහළින්ම පාස් වෙන්න ප්‍රාර්ථනා කළා” කියමින් “පුතා මොනවද පැතුවේ” යනුවෙන් දරුවාගෙන් විමසීය.


මඳක් සිතූ දරුවා “මම ඊළඟ ආත්මෙ මේ වගේ ශිෂ්‍යත්ව නැති රටක ඉපදෙන්න ප්‍රාර්ථනා කළා” කීවේ හැඟුම්බරවය. මෙය ඇසුණු ආච්චිට තරු පෙනුණාලු. වයඹ පළාතෙන් ඇසුණු සත්‍ය පුවතකි. 

 



අදහස් (0)

විභාගයෙන් ජයගන්න පූජාවක් තියන්න ගිය ආච්චීට මුනුපුරාගෙන් නොසිතූ පිළිතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site