(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වෙන්නප්පුව ප්‍රදේශයේ දී තම පවුලේ සාමාජිකයකු නිරෝධායනයට ලක්කර ඇති බැවින් පවුලේ සෙසු පිරිස සඳහා නිරෝධායන ආධාර මල්ලලක් ඉල්ලූ පවුලක් පිළිබඳව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් පසුගිය දා වාර්තා විය.
මීරිගම ගම්මානයක පවුලේ සාමාජිකයකු සේවය කළේ වෙන්නප්පුව ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීම නිසා මේ පුද්ගලයාට ද නිරෝධායනය වීමට සිදුවිය. ඒ සතියකටත් පෙරය. එම අයගේ පවුලේ පිරිස නිදහසේ කල් ගතකරනු ලැබීය.
නිරෝධායනය වන නිවසකට රුපියල් දස දහසක් වටිනා ආහාර මල්ලක් ලබාදෙන බව සැලවීමෙන් පසු පවුලේ සාමාජිකයකු නිලධාරීන් හමුවී තමන්ට ද ආහාර මල්ල ලබාදෙන ලෙස ඉල්ලුවේ පවුලේ සාමාජිකයා වෙන්නප්පුව ප්‍රදේශයේ නිරෝධායනය වන බව පවසමිනි.
ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමේ අපහසුව පිළිබඳව නිලධාරීන් දැනුවත් කරනු ලැබුවේ කරුණු ඇතිවය. පවුලේ පිරිසට කිසිම බාධාවක් සිදුව නැති නිසා එසේ ආධාර ලබා දීමට හැකියාවක් නැති බව සැලකිරීමෙන් පසුව තම නිවසේ නිරෝධායනය වන බවට දැන්වීමක් අලවා ආධාරය ලබාදෙන ලෙස ද පවුලේ සාමාජිකයා ඉල්ලා සිටියේය. එයද කළ හැකි දෙයක් නොවන බව පහදාදීමෙන් පසු ‘‘මදැයි ආධාර ගන්න ආවයි’’ කියමින් මේ අය ආපසු ගියේ නිලධාරීන්ට සිතින් බැන වදිමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වෙන්නප්පුවට සාමාජිකයාට ලැබුණු මල්ල මීරිගමටත් ඕනෑවෙලා