IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වන්දනාවේ ගිය සැමියා ඇඳයටින් මතුවෙලා

(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)
වන්දනා ගමනක් ගිය බව කියන සැමියා නිවසේ ඇඳක් යටින් මතුවීම පිළිබඳ පුවතක් ඇහැලියගොඩට නුදුරු කුඩා නගරයකින් වාර්තා විය.


අසන්නට ලැබුණ අයුරින් සිද්ධිය මෙසේය.


ලබාගත් ණය මුදලක් ආපසු නොගෙවීම නිසා තීරක විභාගයක් පවත්වා එය බලගැන්වීමට අදාළ ආයතනය විසින් අධිකරණයට යොමුකරනු ලැබීය. අධිකරණය ණයකරුට සිතාසි නිකුත් කර ඇතත් එය භාරගෙන නියමිත දින උසාවියේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇත.


නිකුත් කළ වරෙන්තුව අනුව ණයකරු පදිංචි නිවසට ගිය පොලිස් නිලධාරියා ණයකරු පිළිබඳ විමසීමේදී ඔහු සතියක කාලයකට වන්දනාවේ ගොස් ඇති බව බිරිය පවසා ඇත. බිරියගේ කතා විලාසය සහ හැසිරීම පිළිබඳව පොලිස් නිලධාරියාට සැකයක් යොමු වුණත් එය නොඅඟවා මිදුලට බැස වටපිට බලනවිට තනිවම වැලිගොඩක් අතගාමින් සෙල්ලම් කරන දරුවකු දැක මොහොතක් කතා බහ කර ඇත. 


එම දරුවා ණයකරුගේ පුතා බව දැනගත් පොලිස් නිලධාරියා, “කෝ පුතාගේ තාත්තා” කියා අසද්දී තාත්තා ඇඳයට ඉන්නවා එන්නකො අන්කල්ට පෙන්වන්න කියා පොලිස්  නිලධාරියා සමඟ ගෙතුළට ගොස් ඇඳයට ගුලිවී සිටි ණයකරු පෙන්වා ඇත.


 ණයකරු එළියටගෙන අතින් අල්ලාගත් පොලිස් නිලධාරියා ඔහුගේ බිරිය අමතා “කෝ අර වන්දනාවේ ගිය මහත්තයා, එතකොට මේ ඇඳයට හිටියේ වෙන මහත්තයෙක්ද? කොහොම හරි වන්දනා ගිය මහත්තයා ඇඳ යටින් මතුවුණේ ඇත්ත කතා කළ පුංචිදරුවා නිසා” යයි පවසා ණයකරු (වරෙන්තුකරු) පොලිසියට ගෙනගොස් ඇත.



අදහස් (0)

වන්දනාවේ ගිය සැමියා ඇඳයටින් මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 248 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site