(තිහගොඩ උපසේන ලියනගම)
විදුහල්පතිවරයාගේ වස්තුවට යකින්නියක ආවේශවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ග්‍රාමීය පාසලකිනි.
ගාලු ප්‍රදේශයේ උපත ලැබූ ඔහු ගුරුපත්වීමක් ලැබ ඌව පළාතට ගිය අතර පාසල් කීපයක සේවය කර අනතුරුව මෙම පාසලට ආවේ විදුහල්පතිවරයකු ලෙසටය.
ඉතාම කාරුණික සුහද හදවතක් ඇති ඔහු පාසල් දරුවනට හා සේවකයන්ට නම කියා කතා කළත් ගුරු මහත්ම මහත්මීන් ඇමතුවේ වස්තුවේ කියාය.
පාසලේ විශාල අඩුපාඩුවක් වූ ඉංග්‍රීසි ගුරුවරයකු නොවීම නිසා ඔහු හිතවත් දේශපාලකයන් පසුපස ගොස් දුර බැහැර පාසලක ඉංග්‍රීසි ගුරු මෙනෙවියක තාවකාලිකව එහි ගෙන්වා ගත්තේය. එම ගුරු මෙනෙවිය ආවේ කැමැත්තකින් නොවේ.
ඇය ආ දිනයේම තම සතුට පළ කළ විදුහල්පතිතුමා තාවකාලිකව ආවට මෙහේටම පත්වීම හදාගන්න වස්තුවේ කීවේ සුපුරුදු ලෙසටයි.
මේ වස්තුවේ කෑල්ලෙන් කෝපයට පත් ඇය විදුහල්පතිට සැර අවවාදයක් කළ විට අසල සිටි නියෝජ්‍ය විදුහල්පතිතුමිය කාටත් සර් කතා කරන්නෙ එහෙමයි මිස් කීවත් ඇයගේ කෝපය පහවුණේ නැත. සෙසු ගුරුවරුන්ට මෙය සැලවී ඒ ගැන විමසූ විට විදුහල්පති කීවේ තම වස්තුවේ කතාවට උදයේ යකින්නක් ආවේශ වූ බවක්ලු.
2025 ඔක්තෝබර් මස 08
1631
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1396
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුහල්පතිගේ ‘වස්තුවට ’ යකින්නක් ආවේශ වෙලා