IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විදේශිකයාගේ මරණයෙන් පොලිසියත් හොල්මන් වෙලා

කිසියම් පිරිසක් විසින් විදේශිකයකු මරා දමා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ලද පණිවිඩයක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට විදේශ පක්ෂියකු මැරී සිටින අයුරු දැක ගත හැකි වීමේ සිද්ධියක් බස්නාහිර පළාතේ කොළඹට නුදුරු පොලිසියකින් වාර්තා විය. ඉකුත් සිකුරාදා (16) හදිසි ඇමතුම් ඒකකයෙන් එම පොලිස් ස්ථානයට දුරකතන පණිවිඩයක් ලබා දෙමින් කිසියම් පිරිසක් විදේශිකයකු මරා දමා එම පොලිස් වසමේ තැනකට ගෙනැවිත් දමා ඇති බව පවසා ඇත.

ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා එදින ජංගම සංචාරයේ නියුතු පොලිස් නිලධාරීන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින් වහා එම ස්ථානයට ගොස් ඔහු පැමිණෙන තෙක් ආරක්ෂාව සපයන ලෙස නියෝගයක් ලබාදීමටද අමතක නොකළේය.

මද වේලාවකින් ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද සමග එම ස්ථානයට යාම සඳහා සිය නිල ජීප් රථය අසලට පැමිණෙනවාත් සමග එදින දුරකතන ක‍්‍රියාකරු ලෙස රාජකාරි කරන කොස්තාපල්වරයකු ස්ථානාධිපතිවරයා අසලට දිව විත් ආචාර කර සර්, සර් වන් වන් නයින් එකට වැරදිලා සර්, එයාලා නැවත දැනුම් දීමක් කළා. මැරිලා තියෙන්නේ විදේශිකයකු නොවෙයි, විදේශ පක්ෂියෙක් කියලා සර්. ආපසු නිල කාමරයට පැමිණි ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව එම අංශ බාර උසස් පොලිස් නිලධාරියකුට පැමිණිලි කිරීමට කටයුතු කළේය.

 

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

විදේශිකයාගේ මරණයෙන් පොලිසියත් හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site