IMG-LOGO

විදුලි කාර්මිකයා ඡන්දෙන් පරාද වූ දුකට අතරමග නැවතූ වයරින් වැඬේට ගිහින් නෑ

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රජරට වැසියෙක් නව නිවෙසක් ඉදිකර එහි වයරින් කිරීමේ කටයුතු විදුලි කාර්මිකයකුට බාර කළේ පසුගිය වසරේ අග භාගයේ දිනකය. මාසයක් දෙකක් ගත වෙද්දී වැඩ කටයුතු කෙමෙන් කෙමෙන් අවසන් කෙරිණි. ජනවාරි අග වෙද්දී ඉතිරිව තිබුණේ වැඩ කටයුතු ස්වල්පයකි.


මේ අතර විදුලි කාර්මිකයාට නව දේශපාලන පක්‍ෂයකින් පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂක වරම්ද හිමිවිය. මැතිවරණයට දින කිහිපයක් තිබියදී “ඉතිරි වැඩ ඡන්දෙන් පස්සේ කරමු”යි කියා විදුලි කාර්මිකයා ගියේ මැතිවරණ කටයුතුවල වැඩි වැඩියෙන් නිරතවිය යුතු බැවිනි.


නිවැසියන් මෙම මැතිවරණයේදී වැඩ කළේ විදුලි කාර්මිකයාගේ දේශපාලන පක්‍ෂයට පසුමිතුරුවූ පක්‍ෂයකටය. මැතිවරණය අවසන් විය. විදුලි කාර්මිකයාද පරාජයට පත්විය. ඒ ඡන්ද දෙක තුනකිනි. විදුලි වැඩ කළ නිවැසියන් තමන්ට ඡන්දය දුන්නේනම් පරාද නොවන බව ඔහුට ඒත්තු ගියේය. “ආයෙ නම් මම ඉතිරි වැඩ කර දෙන්න ඒ ගෙදර යන්නේ නම් නැහැ” ඔහු පැවැසූ බව නිවාසැයින්ට ආරංචි විය. 


නිවෙසේ වැඩ අවසන්ය. විදුලි වැඬේ ටිකක් ඇත. අනුන් කළ වැඬේ අවසන් කරන්නට දැන් වෙනත් කාර්මිකයකු එන්නේද නැත. වැඬේ කළ කාර්මිකයාට මන්ත්‍රී වරම් නොලැබීමේ දුකින් පෙළෙයි. නිවැසියන් ගෙට ගෙවදීමට වරින් වර නැකත් බලමින් රටේ ඉන්නා විදුලි කාර්මිකයන් සොයමින් පිංසෙණ්ඩු වෙමින් කල් ගත කරන්නේ සැමදා කුලී නිවසේ සිටිය නොහැකි බැවිනි. 



අදහස් (4)

විදුලි කාර්මිකයා ඡන්දෙන් පරාද වූ දුකට අතරමග නැවතූ වයරින් වැඬේට ගිහින් නෑ

prasanna Friday, 04 May 2018 10:44 PM

විදුලි කාර්මිකයෝ ඔය ඕනේ තරම් ඉන්නේ. මේවා අතේ පැලවෙන බොරු කතා !

:       4       46

indikaMonday, 07 May 2018 03:38 AM

ප්‍රසන්න ලංකාවේ නෙවේද ඉන්නේ? වැඩකට කෙනෙක් හොයා ගන්නේ කොපමණ අමාරුවෙන්ද? දැන් ඉන්නේ සේරම ත්‍රී වීල් එලවන කට්ටිය...

:       173       47

dissanayake Sunday, 06 May 2018 08:12 AM

මෙගේත් ඔහොම වැඩක් වුණා ස්කයි ඕල් ප්‍රෝ ගූග්ල් බලන්න.. නවත්තපු ඕනම වැඩක් ෆිනිෂ් කරනවා මේ අය...

:       0       24

aravinda Monday, 07 May 2018 03:15 PM

අද රටේ ගොඩනැගිලි ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයින්ගේ හිඟයක් ඇත. ඊට හේතුව නම් අද ලංකාවේ තරුණයින් මෙය "පහත්" රැකියාවක් සේ සලකා, මේ වෘත්තියට ඇතුල් නොවීමයි. එබැවින්, ඉන්දියාවේ සිටින මෙවැනි වෘත්තිකයින් හට ලංකාවට පැමිණ සේවය කිරීමට ඉඩ දිය යුතුයි.

:       36       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site