IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැඩි හොඳ කරන්න ගිහින් දඩත් කන්න වෙලා

ඔහු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කළ ලිපිකරුවෙකි. රාජ්‍ය සේවය නිසාම දැන හඳුනාගත් බොහෝ පිරිසක් මොහුගේ මිතුරන් වූහ.  
දිනක් මොහු පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ළඟ නගරයට ගියේ බස් රථයකිනි. නගරයේ සිට ආපසු එමින් සිටියදී, ඔහු පැමිණි බස් රථයට බොහෝ කාලෙකින් හමු නොවූ මිතුරෙක් බස් රථයට ගොඩ විය. ඔහු හමු වූයේ අහම්බයෙනි.
දුටු සැණින් දෙදෙනාට දෙදෙනා හඳුනා ගැනීමෙන් පසු ආගිය තොරතුරු කතා කරමින් ඔවුහු බස් රථයේ ගමන් ආරම්භ කළහ. ලිපිකරු මිතුරා  බසයේ අසුන් ගෙන සිටි අතර අනෙක් මිතුරා හිටගෙන ගමන් කරන්නට වූහ.
මේ අතරතුර ටිකට් පත් නිකුත් කරන බස් රථයේ  කොන්දොස්තර තැන  ලිපිකරු මහතා ළඟට පැමිණි අවස්ථාවේ “ටිකට් ඔයාටත් එක්ක ගන්න. මෙන්න සල්ලි,, කියමින්  රුපියල් එක්දහසක මුදල් නෝට්ටුවක් මිතුරා අත තැබීමට ලිපිකාර මිතුරා කාරුණික විය..


 “නෑ ..නෑ.. ඕන නෑ..  කියූ මිතුරා, ලිපිකරු මිතුරාගේ බල කිරීම නිසා මුදල් නෝට්ටුව අතට ගත්තේය. මිතුරා මගී තදබදය නිසා කොන්දොස්තරගේ නියමය අනුව බස් රථයේ පසු පසට ගියේ ටිකට් පත් ද ,ඉතුරු මුදල් ද රැගෙනය.
කලකට පසුව හමු වූ මිතුරා ලිපිකාර මිතුරාට පෙර බස් රථයෙන් බැසිය යුතු නගරයට ආසන්න ගමක  පදිංචි අයකු විය. එම නිසා ඉතුරු මුදල් සහ තමාගේ  බස් ටිකට් පත ලබා  දේ යැයි සිත සිතා පැමිණි , ලිපිකරු මිතුරා, ටික වේලාවක් ගිය ද මුදල් සහ ටිකට් පත ඉල්ලා ගැනීමට  මිතුරා බස් රථයේ සිටී දැයි විපරම් කළේය. පුදුමයකි. මිතුරා බස් රියේ පසුපස දොරටුවෙන් බැස ගොස් ඇති බව  පැහැදිලි විය.
තමන්ට  නියමිත බස් ටිකට් පත සහ ඉතිරි මුදල් නොලැබීම නිසා කනස්සල්ලට පත් ලිපිකාර මිතුරා සිදු වූ  අකරතැබ්බය ගැන කල්පනා කරමින්  ගමනේ යෙදෙන අතරතුර බස් රථයට ටිකට් පරීක්ෂක නිලධාරීහු පිරිසක් ගොඩ වී මගීන්ගේ ටිකට් පත් පරීක්ෂා කරන්ට වූහ. මෙම තත්වයෙන් වික්ෂිප්ත වූ ලිපිකාර මිතුරා තමන්  ළඟට පැමිණි  ටිකට් පරීක්ෂකවරයාට සිදු වූ දේ පැවසුවේය.
ටිකට් පරීක්ෂකවරයා කියූ දේ ගණන් නොගෙන ටිකට් පතක් නොමැතිව බසයේ ගමන් කිරීමේ වරදට දඩ මුදලක් ගෙවන ලෙස ලිපිකාර මිතුරාට නියම කෙළේය.  ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ දඩ මුදල  ලෙස රුපියල් 200 ක් සමග රුපියල් 560 මුදලක් ගෙවා දැමූ ලිපිකාර මිතුරා මගීත් අතර බලවත් ලජ්ජාවකටත් පෞද්ගලිකව මානසික  බිඳ වැටීමකටත් ලක් වීය. මිතුරාට අමතක වීමකින් මුදල් සහ ටිකට් පත් නොදුන්නා ද, නැත්නම් වංචනිකව මග හැරියා ද යන දෙබිඩි සිතිවිල්ලකින් ඔහු කල්පනාවට වැටිණි.

මාරවිල පී.එස්. මද්දුමගේ



අදහස් (0)

වැඩි හොඳ කරන්න ගිහින් දඩත් කන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site