IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැඩි සැපයට ගිහින් අන්තිමේ නන්නත්තාර වෙලා

(රාජාංගණය - නුවන් කුමාර)
තහනම් ගහේ ගෙඩිකෑමට ගිය කාන්තාවකට අනියම් සැමියාත් නිත්‍යානූකූල සැමියාත් යන දෙදෙනාම අහිමිවීමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ.


දැනට වසර 8කට පමණ පෙර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි තරුණියකගේ නිවසට තරුණයකු  නිතරම යෑමට පටන්ගෙන ඇති අතර එහිදී ඔවුන් ප්‍රේමවන්තයින් බවට පත්ව තිබේ.


තරුණියගේ පියා ඒවනවිටත්  මියගොස් සිටි අතර ඇගේ මවගේ ආශිර්වාදයෙන් මොවුන් දෙදෙනා විවාහවී දරුවන් දෙදෙනකුද බිහිකර තිබුණි.


කාලයක් ගත වෙද්දි තම සැමියා වෙනත් කාන්තාවන් ඇසුරුකරන බැවින් තමන්ට ඔහුගෙන් වෙන්වීමට අවශ්‍යබව පවසමින් තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයට කාන්තාව පැමිණිලි කර තිබූ අතර පොලිසීය ඔවුන් සමගි කිරීමට උත්සාහ දරා තිබුණද එය අසාර්ථකවී ඇත.


පසුව මෙම කාන්තාව කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගොස්  සිටියදී මුහුණුපොත හරහා තරුණයකු සම්බන්ධවී ඇති අතර ඔහුද විවාහක දෙදරු පියෙකි.


පසුව ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේම කාමරයක් ගෙන එකට ජීවත්වී ඇති අතර වාරයේ මෙම තරුණයාගේ බිරිඳට මෙය ආරංචිවී තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත අනියම් සම්බන්ධය පැවැත්වු දෙදෙනාත්, අනියම් බිරිඳගේ නිත්‍යානූකූල සැමියාත්, අනියම් සැමියාගේ නිත්‍යානූකූල බිරිඳත් පොලිසියට කැඳවා  පැමිණිල්ල විභාග කරනවිට තමන්ට අනියම් සැමියාගෙන් කිසිසේත් වෙන්විය නොහැකි බව අනියම් බිරිඳ පැවසුවද  දරුවන් දෙදෙනෙකු තමන්ට නඩත්තු කිරීමට නොහැකි බැවින් තම සැමියා අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය බව නිති්‍යානූකූල බිරිඳ පැවසීම නිසා  ඔහුට ඇය භාරගැනීමට සිදුවිය.


අවසානයේ කිසිවක් කරගත නොහැකි වූ අනියම් බිරිඳ තම නිත්‍යානූකුල සැමියාගෙන් ඉල්ලා ඇත්තේ තමන් භාරගන්නා ලෙසයි. තමා හා දරුවන් හැර වෙනත් පුරුෂයකු ළඟට ගිය කාන්තාවක් කිසිවිටකත් තමන්ට අවශ්‍ය නොවන බව ඔහුද පැවසීම නිසා මෙම කාන්තාව දැඩි අසරණභාවයට පත්ව තිබේ.


සැකයක් මත තම සැමියාගෙන් හා දරුවන්ගෙන් වෙන්වී තහනම් ගහේ ගෙඩිකෑමේ ප්‍රතිවිපාකය මෙය බවත් තමන් යම් තීරණයක් ගැනීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස්වාරයක් සිතිය යුතු බවත් මින් ඉදිරියටවත් තම ආත්මගරුත්වය රැකගෙන ජීවත් විය යුතු බවත් පැමිණිල්ල විභාග කළ තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චන්ද්‍රදාස මහතා කාන්තාවට පවසා කාන්තාවට අවවාදයක්ද කළේය.



අදහස් (0)

වැඩි සැපයට ගිහින් අන්තිමේ නන්නත්තාර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site