IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


වැඩි වාසියට ගිහින් උගුලකට අහුවෙලා

වෙළඳ පොළේ වැඩි මිලට තිබෙන විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ගොස් මත්පැන් තොගයත් මුදලූත් නැති කරගත් ව්‍යාපාරිකයකු පිළිබඳව පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේ විය.

ආනයන කටයුතුවල නිරත මෙම ව්‍යාපාරිකයාට තම හිතවතකු මාර්ගයෙන් විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ක‍්‍රමයක් තිබෙන බව දන්වා ඇත. මෙවන් අවස්ථාවක් පැහැර නොහැරීමට ඔහු තීරණය කර ඇත්තේ එමගින් ලැබෙන වාසිය ගැන දන්නා නිසාය.

මුදලූත් රැුගෙන අගනුවරට ආසන්න නගරයක් වෙත තම හිතවතා ලබා දුන් දුරකතන අංකයට කතා කර තමන්ට ලැබෙන වාසිය ගැන සිත සිතා ගොස් පුද්ගලයකු මුණගැසී මත්පැන් තොගයට අදාළ මුදල් දී මත්පැන් තොගය රැුගෙන එනතුරු බලා සිටියේය. එහෙත් ඔහු ගියා ගියාමය නැවත ආපසු ආවේ නැත.

මත්පැන් තොගය ලබාදෙන බව පවසා එම මුදල් රැුගෙන ගිය පුද්ගලයාගේ දුරකතන අංකය ගැන හෝ ඔහු ගැන මේ තොරතුරු දුන් තම හිතවතාට මේ බව පැවසුවද ඔහුද යම් උගුලකට හසුවී ඇති බව වැටහුණි.

වැඩි වාසියක් ගැන සිතා ගොස් තමන්ගේ මුදලත් අදාළ භාණ්ඩත් නැති කරගත් මෙම ව්‍යාපාරිකයා මෙවන් බොරුකාරයන්ට හසු නොවන ලෙස දැන් තමන්ගේ හිතවතුන්ට උපදෙස් දෙනවලූ.



අදහස් (0)

වැඩි වාසියට ගිහින් උගුලකට අහුවෙලා

සිසිල් Sunday, 18 October 2015 08:43 AM

චන්දී,දැන් ඕනවට වඩා වැඩියි වාගේ. (බ)

:       0       0

මේනක Sunday, 18 October 2015 09:40 AM

මත්පැන් ගැන තිබෙන පුවත් වලදී පවා සමහරුන්ට රුපවතිව මතක් වෙනවා කියන්නේ ......අනේ මන්දා ! (බ)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 19 October 2015 12:46 AM

අනුන්ට ගින්දර දෙන්න යන අයට ඒ ගින්දරම තමාටම ඇවිළෙනවා කියන්නේ ඕකට තමා. මොකද මත්පැන් වලින් කෙනෙකුට යහපතක් සිදුවන්නේ නැහැනේ. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 17 October 2015 11:36 AM

අනුන්ට ගිනිවතුර පොවමින් කොපමණ හම්බකරගෙන කොපමණ සුඛෝපභෝගීව ජීවිතගතකරන්න උත්සාහ කලත් දිනක එම දීපු ගින්දර නැවත ලැබෙනවා එවිට යන්නේ පොලියත් එක්ක බව කව්රු කව්රුත් හිතුවත් හොඳයි. (ස)

:       0       0

සමුරායි Saturday, 17 October 2015 11:45 AM

හිතන් හිටියේ "සිතන්නට පෙර පැන බලනු කියා . පිටබැද්දර ජයා වගේ දනමුත්තෙක් ඉන්න නිසා ගොඩක් වටිනවා එයාගෙන් අහල ඉගෙනගන්නේ. (ස)

:       0       0

රුපවතී Tuesday, 20 October 2015 08:10 AM

අනේ සෝම සුන්දර කොලුවෝ ..සාමාන්‍යෙන් අපි හැමෝටම වෙලා තියෙන දේ තමයි ඔය සරත් මල්ලි කියල තියෙන්නේ ..?තවත් මොනවද අහන්න ඉතුරුවෙලා තියෙන්නේ ..? (රේ)

:       0       0

ජයනාත් Saturday, 17 October 2015 02:40 AM

රූපවතී අක්කා ගමේ ඉන්න කාලේ, අඩුවට ගම්මිරිස් මාතලේ තියෙනව කියලා අහලා ලොරියකුත් අරගෙන ගියා ගම්මිරිස් ගන්න.ගිහින් බලනකොට ගම්මිරිස් තාම ලපටීයි. අනික වත්ත පිටින් බදු අරන් කඩාගන්න ඕනෑ. ඉතින් එහෙමම ආපහු ආවා.අන්තිමට අතින් පාඩුවුණා අක්කාට (නි)

:       0       0

දුමින්ද Monday, 19 October 2015 09:10 AM

ලාබ බඩුවේ හිලක් නොව. (ර)

:       0       0

ඩෙස්මන් Tuesday, 20 October 2015 04:26 AM

හොඳ වැඩේ හොර වැඩ කරන්න යනවට (නි)

:       0       0

චන්දි Saturday, 17 October 2015 05:34 PM

අනේ ජයනාත්, කෝ මේ අපේ රූපා? (නි)

:       0       0

යසපාල පෙරේරා Saturday, 17 October 2015 03:38 AM

ආනේ මෙහෙම මිනිස්සුත් සාර්ථක බිස්නස් කාරයොද? ව්‍යාපාරිකයොද? (ර)

:       0       0

සෝමසුන්දර Monday, 19 October 2015 03:49 AM

ඒ කියන්නේ සරත් අපේ රූපවතී අක්කට වෙලා තියෙන දෙයක්ද? (නි)

:       0       0

මොහම්මද් Saturday, 17 October 2015 05:07 AM

බඩු ටික නැතුව සල්ලි දෙන්නේ කව්ද අද කාලේ. අනික කාවද විස්වාස අද කාලේ. (ර)

:       0       0

මනෝරි Saturday, 17 October 2015 08:59 PM

දැන් හැමවිටම රූපවති අක්කා ගැන කතාවෙන නිසා අපි මේක "රූපවති අක්කාගේ තීරය" කියලා නම වෙනස් කරමුද? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 17 October 2015 11:06 PM

නොබොන කෙනාට තේ වතුරත් ගිනිවතුර කියනවනේ (නි)

:       0       0

රාධා Sunday, 18 October 2015 12:18 AM

වෙන්නප්පුව ප‍්‍රදේශයෙ "දන්කොටුව ස්පෙසල් " හොඳ නැත්ද ? (බ)

:       0       0

චන්දි Tuesday, 20 October 2015 05:26 AM

රූපාගේ මහත්තයා විදේශිකයෙක්ද? (නි)

:       0       0

චතු Sunday, 18 October 2015 03:27 PM

රුපවති , සුරා සුදුවෙන් තොරයි . එයා මේවට අදහස් පළකරන්නේ නැහැ (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 October 2015 08:22 AM

පනින්න පෙර සිතා බලනු කියලත් කියලා තියෙනවා. (ර)

:       0       0

සරත් Friday, 16 October 2015 10:09 PM

අපේ පැරණි මුතුන්මිත්තෝ ඒකනේ කියන්නේ 'වළට වැටුනමලු මොළේ ගොඩඑන්නේ ' කියලා. (නි)

:       0       0

චන්දි Sunday, 18 October 2015 08:10 PM

ඇයි සිසිල ඔයා එහෙම කියන්නේ? නම සිසිල වුණාට මොකද, කිසිම සිසිලක් නැහැ වගේනෙ (නි)

:       0       0

චන්දි Sunday, 18 October 2015 08:18 PM

මනෝරි, ඒ දවස්වලත් අනෙක් ප්‍රවෘත්ති වලට වඩා දෙයියෝ සාක්කි තීරුවට අදහස් ගොඩක් ලියනවා. ඒ අතරින් අපි පොඩි විනෝදයකුත්,සතුටකුත් ලබාගන්න තමයි එහෙම ලියන්නේ. ඔයත් දිගටම ලියලා ටික දිනක් නොලිවුවොත් අපි ඔයාවත් සොයන්නම්. එවිට මෙම තීරුව ''මනෝරිගේ තීරුව '' කියා නම් කරාවිද...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 427 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 867 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site