(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
නිවෙසට එන්න යයි කියමින් බිරිය තමාගෙන් සමාව ඉල්ලා දෙපාමුල වැඳ වැටෙන තෙක් නිවෙසට යළි නොඑමියි සිතා පොට්ටනි බැඳ නිවෙසින් ගිය සැමියකුට ගිය පයින්ම නිවසට විත් බිරියගේ දෙපාමුල වැඳ වැටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.

නිවෙසේ සිටිනා විටදී බිරියගේ අතොරක් නැතිව ඇතිවන කංකරච්චලය ඔහුට මහා වදයක් වී තිබිණ. නැති වාදමෙන් පටන් ගන්නා එය කෙළවර වන්නේ දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩුවකිනි. ඔහු නිවෙසේ සිටිනා විටදී බිරිය කුමක් හෝ කාරණයක් අරභයා රණ්ඩුවක් පටල ගත්තාය. ඒ සඳහා ඇයට හේතුවක් අවශ්‍යම වී නොතිබිණ.
මේ නිසාම ඔහුට නිවෙසේ රැඳී සිටීම එපා වී තිබුණේය. එය හරියට නිවෙසක සිටිනවා නොව අපායේ සිටිනවා වැනි විය. බිරිය මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඔහු නොගත් උත්සාහයක් නැත. ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙනි.
එදා ඇතිවූ රණ්ඩුව තරමක් සැරට නැග ගියේය. අවසානයේදී ඔහු තීරණය කළේ තමාගේ සබ්බ සකලමනාව පොට්ටනි බැඳ නිවෙසින් ගොස් බිරිඳට පාඩමක් ඉගැන්වීමටය. ආයේ නිවසට එන ලෙස බිරිය තමාගෙන් සමාව ඉල්ලා දෙපාමුල වැඳ වැටෙන තෙක් යළි නිවසේ පස් නොපාගමී යයි සිතා ඔහු සිය යතුරුපැදියේ නැගී ගියේ වේගයෙන් ගියේ බිරියට ද අත මිට මොලවා ගුටියක් ද දීගෙනය.යතුරුපැදියෙන් නිවෙසින් ගිය ඔහු වේගයෙන්ම යළි නිවසට පැමිණියේ ඒ දෙස හැංගී බලා සිටි සිය භාර්යාවගේ සිනා මධ්‍යයේය. එසේ පැමිණි ඔහු සිය බිරිය සොයා ගොස් තමාගේ රියැදුරු බලපත්‍රය ඉල්ල ඉල්ලා පින්සෙන්ඩු වූවේය. භාර්යාව එය ගණනකට නොගත් කල්හි ඔහු තමා දන්නා බැගෑපත්කමින් එය ඉල්ලුවේ එය රැගෙන එන තෙක් හන්දියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් බලා සිටින බැවිනි. එසේ නොවුණහොත් තමාට උසාවි ගොස් කෑමට සිදුවන දඩය දන්නා නිසාය.
ඔහු නිවෙසින් යාමට පොට්ටනි බඳින අවස්ථාවේදී බිරිය ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ රියැදුරු බලපත පැන්නුවාය. එය නොදත් ඔහු බිරියත් සමඟ වූ නොමනාපය නිසාම ඉතා කේන්තියෙන් යතුරුපැදිය පාරේ පදවා ඇත්තේ මාර්ග නීති රීති කඩ කරමිනි. රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් ඔහු පැදවූ යතුරුපැදිය නවතා රියැදුරු බලපත්‍ර ඉල්ලා ඇත්තේ එහෙයිනි. තමාගේ මුදල් පසුම්බියේ වෙනදා මෙන් රියදුරු බලපත්‍රය ඇතැයි සිතුවත් ඔහුට තරු පෙනුණේ එහි එය නොතිබූ බැවිනි. තමාගේ භාර්යාව දුන් මේ ගේම නිසා සිය සටන අතහැර දමා ඔහු නිවෙසට යළි ගියේ රියැදුරු බලපත්‍රය පැයක් ඇතුළත ගෙන්වා නොපෙන්නුවොත් නඩු දාන බවට පොලිසිය කී නිසාය. එමෙන්ම එය රැගෙන එන තෙක් ඔහුගේ හැඳුනුම්පත ද පොලිස් බාරයට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
වැඩ පෙන්වන්න ගිය සැමියා බිරියගේ දෙපා මුල වැඳ වැටිලා