IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැඩි තණ්හාවට ගිහින් රෙදි ගලෝගෙන

අලු‍ත්ගම තුසිත කුමාර ද සිල්වා


ඉහළ නැග ඇති පොල් මිල මෙන්ම සහන මිලට පොල් නගරවාසීන්ට අලෙවි කරන පෝලිම් ගැනද දේශපාලන කරළියේ ද කතාබහට ලක්ව ඇති මේ දිනවල අපූරු සිදුවීමක් බස්නාහිර පළාතේ මුහුදුකරයෙන් වාර්තා වෙයි.
මෙහි කතානායකයා පොල් ඉඩම් හිමිකරුවකුය.
වාර්තා වන විදිහට සිද්ධිය මෙසේය.
විශ්‍රාමිකයකු වූ ඔහු උදේම අවදි වී පැය කීපයක් තම පොල් වගාව තිබෙන යාය පුරා ඇවිදින්න පටන්ගෙන ඇත්තේ මුරයට පොල් කඩන පුද්ගලයන්ගෙන් මගහැරුණු ගෙඩිය දෙක තිබෙන ගස්වලින් වැටෙන පොල් ගෙඩි ඇහිඳ ගැනීමේ අදිටනින්ය.
මෙසේ පැය ගණන් ඇවිද්දත් ඇතැම් දවස්වලට එකදු පොල් ගෙඩියක්වත් සොයා ගැනීමට ඇහිඳ ගැනීමට නොහැකි වන අවස්ථාවක මොහු යාබදවත්තේ පොල් වැටී තිබෙනු දැක හෙමින් හෙමින් එම ඉඩමේ පදිංචිකරුවන්ට හොරෙන් වැටෙන් රිංගා තමන්ගේ විදිහට පොල් ගෙඩි අටක් දහයක් ඇහිඳගෙන අතින් කටින් එල්ලගෙන එන්න හදනවාත් සමගම එම නිවෙස් හිමි ඉඩමේ හිමිකරුට වත්තේ පොල් ඇහිඳගෙන යෑමට සැරසෙන අයකු අතටම හසුවී තිබේ.


 ඒත් සමඟම හොරෙන් පොල් ඇහිලු‍ පුද්ගලයාද කලබලයට පත් වී පොල් ගෙඩි ටික එතනම දමා හිං සැරේ වැට පැන මාරුවීමට තැත් කළත් ඔහුට යෑමට නොදී තමන්ගේ වත්තේ පොල් ගෙඩි ටිකට හිමිකම් කියන අයිතිකාර පුද්ගලයා, පොල් හොරෙන් ඇහිඳින්නට පැමිණි පුද්ගලයාට ලු‍ණු ඇඹුල් ඇතුව පැය භාගයක් පමණ කියාදී තමුන් පොලිසියට අල්ලා දෙනවා කියා අවසානයේ කියද්දි එලෙස අන්සතු ඉඩමේ පොල් හොරකමේ පැමිණි විශ්‍රාමිකයා වැඳ වැටී ඒක නම් කරන්න එපා දරුවෝ දැනගත්තොත් මට ලැජ්ජයි.
ආයේ මම ඔයාගේ වත්තේ පොල් ඇහිඳින්න එන්නේ නෑ. මට යන්න දෙන්න කියා පවසා ඇත. එවිට අර බැගෑපත් ඉල්ලීම කළ සොරකමේ ආ පුද්ගලයාට පොල් ගෙඩි ටිකට හිමිකම් කියන අයිතිකාර පුද්ගලයා අපූරු දෙයක් කල්පනා කළේය.
මම යන්න දෙන්නම් හැබැයි මේ පොල් ගෙඩි ටික ඔක්කොම ලෙලි ගලවලා කුස්සියෙන් ගෙනත් දාලා මිසක් යන්න එපා කියලා අපූරු දඬුවමක් දුන්නලු‍.
මොකද මේ වගේ දේකට පොලිසිගියාම වෙන රස්තියාදුව ගැනත් වන අවමානයත් සිතින් කල්පනා කරලා ලිහිල් දඬුවමක් විඳලා වැඩේ ෂේප් කර ගත්තාලු‍.



අදහස් (1)

වැඩි තණ්හාවට ගිහින් රෙදි ගලෝගෙන

Lalla Tuesday, 17 December 2024 12:38 PM

ජන්ම දෝෂ...හොර හිත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site