IMG-LOGO

වැඩ කිඩ දාන්න ගිහින් අතේ තිබූ මඟුලත් කඩාගෙන

මනාලයෙකු මනාලියගේ පාර්ශ්වයේ අයට ශිල්ප දැක්වීමට යාමෙන් කෝපයට පත් මනාලියගේ පියා කපුවාට කම්මුල් පහරක් දී මඟුල අවසන් කිරීමේ සිද්ධියක් ඓතිහාසික සීතාවක රාජධානියට අයත් ප්‍රදේශයකින් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය.


 මනාලයා ඓතිහාසික උරුමයක් කියාපාන ඉපැරණි පරම්පරාවකින් පැවත එන්නෙකි. ඉඩකඩම්, හරකාබාන හිමි කුලගොත් ඉහළින්ම සලකන ඥාති පරම්පරාවක් ද ඔහුට සිටී. එසේ පිරිසක් සිටිය ද ඔහු අවිවාහකයෙකි. පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම විවාහකය. නමුත් මේ කියන පුද්ගලයා උගත්කමක් නොමැති අයෙකි.


 දිනක් මව්පියන් දෙදෙනා සහ විවාහක සහෝදර සහෝදරියන් කපුමහතෙකු මහ ගෙදර ගෙන්වූයේ මොහුට කසාදයක් කරදීම සඳහා ය. කපු මහතා හඳහන් කොපියත් ඡායාරූපයත් මවුපියන් දෙදෙනාගෙන් ඉල්ලාගෙන, මොකද මේ මහත්තයාට හොඳ තැනකින් මංගල්‍යයක් කරලා දීම කජ්ජක්දැයි කියා පිටත් විය.


කේන්ද්‍රය, ඡායාරූප හා විස්තර සමග ඈත ගම්මානයකින් ගේ දොර ඉඩකඩම් සහිත සුරූපී තරුණියක් කපුමහතාට මඟුල වෙනුවෙන් සොයා ගැනීමට හැකි විය.


 පසුව වෙලාවට නැකතට අනුව සුබ හෝරාවකින් මනාලියගේ නිවසට මව්පියන්, ඥාතීහු සමග මනාලයා ගියහ. කාබී මංගල්‍යය ද තීන්දු විය.


මනාලියගේ මව්පියන් ඥාතීන් මනාලයාගේ නිවසට  පැමිණීමේ චාරිත්‍රය එළඹිණි. ඔවුහු තෑගි බෝග රැගෙන පැමිණියහ. 


මනාලයාගේ නිවසේ කෑම මේසය මඟුල් මේසයකට වඩා සම්පූර්ණ වී ඇත. මධුවිත ද ඒ අතර විය. මධුවිත පානය කළ අය අල්ලාප සල්ලාපයේ යෙදුණහ.


 හිටිගමන් මනාලයා ඇඳ සිටි කලිසන්, කමිසත් ගලවා සර්කස් ක්‍රීඩා කරන තරුණයෙකුගේ වෙස් ගත්තේය. පසක නතර කර පැවැති පාපැදිය ගෙන එයට නැගී “ඔන්න බලන්න මගේ සර්කස් කියමින් එක් එක් රංගනවල නිරත විය. ඊළඟට සොල්දරයට නැග දොං කිත, දොං කිත යනුවෙන් බෙරයක් ද ගෙන සාලයේ සිට වයන්න විය. එය අවසන් කර දැන් මේ මහත්වරුන්ට පිපාසය ඇති මම වෑවර (කුරුම්බා) කඩන්නම් කියා පොල්ගසකට නගින්නට සූදානම් වූවා පමණයි, මනාලියගේ පියා ‘ඈ බොල කපුවො තෝ මේ වාගේ පිස්සෙකුට ද මගේ දුව දෙන්න යෝජනා කළේ’ යැයි කියමින් කපුවාට කම්මුලට වේගවත් පහරක් එල්ල කළේ මංගල්‍ය එයින්ම අවසන් කරමිනි.          
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)

 



අදහස් (0)

වැඩ කිඩ දාන්න ගිහින් අතේ තිබූ මඟුලත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site