(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
අලුත්වැඩියා කරගැනීමට තරුණයකු ගෙනා ජංගම දුරකතනයෙන් සිය බිරියගේ අනියම් පෙම මාට්ටු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
මේ තරුණයා නගරයේ ජංගම දුරකතන අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට සිය ජංගම දුරකතනය රැගෙන ගියේ, එහි ඇතිවූ වීඩියෝ දුරකථන ඇමතුමේ අවුලක් ලිහා ගැනීමටය. ඒ තමාට වෙනදා මෙන් ළඟක සිට සිය ජංගම දුරකතනයට වීඩීයෝ කෝල් නොඑන නිසාය.
ජංගම දුරකතන අලුත්වැඩියා කරන කාර්මිකයා තරුණයාගේ ජංගම දුරකතනයේ තිබූ දෝෂය සොයාගෙන එම දුරකතනයට යළි වීඩියෝ කෝල් එන විදිහට සාදාදී වීඩියෝ ඇමතුමක් ගන්නා ලෙස තරුණයාට ජංගම දුරකතන කාර්මිකයා කීවේය. ඒ අනුව එම කාර්මිකයා ඉදිරියේම තරුණයා කාන්තාවක් සමග වීඩියෝ කෝල් එකට සම්බන්ධ විය. තමාට හොඳින් දැක පුරුදු රූපයක් හෙයින් ජංගම දුරකතන කාර්මිකයාද එම ඇමතුම පිළිබඳව විමසිලිමත් විය. එවිටම ඔහුට උන්හිටි තැන් අමතක විය. තරුණයාගෙන් ජංගම දුරකතනය උදුරා ගත්තේ මංකොල්ලකරුවකු ලෙසය. ‘කවුද ඒ ගෑනු කෙනා’ යැයි කාර්මිකයා තරුණයාගෙන් ඇසූවිට ඔහු කිසිදු කලබලයක් නොමැතිව පැවසුවේ තමාගේ පෙම්වතිය බවය.
‘ඇයි අයියේ මොකද්ද ප්‍රශ්නය?’ යැයි තරුණයා ඔහුගෙන් ඇසූවිට ඒ මගේ බිරිය යැයි කාර්මිකයා යටිගිරියෙන් කෑගැසුවේ තරුණයාට උතුර දකුණ අමතක වන ලෙසය. එයින් බියට පත්වූ තරුණයා තමා මගහැරුණු ඇමතුමකින් පෙමින් වෙලී ඇත්තේ විවාහක කාන්තාවක් සමග බව වැටහී රුපියල් විසිදහසක් වන සිය ජංගම දුරකතනය ද දමා එතනින් දිවගියේ තව එහි සිටියහොත් ඒකාන්තයෙන්ම ගුටි පූජාවකට මුහුණ දීමට සිදුවන නිසාය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වීඩියෝ කෝල් එකෙන් බිරියගේ යටිකූට්ටු වැඩේ අහුවෙලා
sumudu nilanka Monday, 15 March 2021 10:07 AM
නියමයි...