IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වට වන්දනාවේ එක්ක ගිය රියැදුරුට සුද්දකුගෙන් කනේ පාරක්

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
තිබෙන කෙටි මගෙන් නොගොස් ඉතා දිගු මගකින් විදේශ සංචාරකයා ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරුට ඔහු දුන් අපූරු කනේ පහරක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර ගමකින් අසන්නට ලැබේ.


 මෙම විදේශ සංචාරකයා රුසියානු ජාතිකයෙකි. ලැගුම් ගෙන සිටියේ අර්ධ නගරාසන්න නගරයක ගමක විලා එකකය. මේ රුසියානු ජාතිකයා අරපිරිමැස්මටද රුසියෙකි.


එදා නගරයට ගියේ පුරුදු පරිදි පා ගමනෙනි. අවශ්‍යම කරන භාණ්ඩ කිහිපයක් ගත් ඔහු හන්දියට ආවේ වෙනදා ගමන් ගත් ත්‍රිරෝද රථයක නැගී සිය නවාතැන් පොළට යාමටය.


එහි කිසිදු ත්‍රීරෝද රථයක් නොදුටු ඔහු පාරේ ගමන්ගත් ත්‍රීරෝද රථයකට අත දමා නතර කර ගත්තේය. සිය නවාතැන් පොළට යාමට අවශ්‍ය බව ත්‍රිරෝද රියදුරාට රුසියානු ජාතිකයා දැන්වීය. 


මගියා විදේශිකයකු නිසා හොඳ ගතමනාවක් දමා ගැනීමට හැකි වෙතැයි සිතූ ත්‍රිරෝද රථ රියදුරු ඔහු ලැගුම් ගෙන සිටි විලා එකට කෙටි මගෙන් නොගොස් වටේ රවුම් ගසා එම ස්ථානයට ගෙන ගියේය.


ඔහු රියැදුරුගෙන් ගමන් ගාස්තුව විමසීය. වන් තවුසන් ත්‍රිරෝද රථ රියදුරා කීය.


හෝ මයි ගෝඩ් කියා නළලේ රැලි නංවාගත් සුද්දා සිය ස්මාට් ෆෝන් එකෙන් ගූගල් මැප් එක අරගෙන හන්දියේ සිට තම විලා එකට යා හැකි කෙටි මගත් ඒ සඳහා ගතවන කාලයත් ඒ සඳහා ඇති දුරත් පෙන්වා රුපියල් දෙසීයක් ත්‍රිරෝද රථ රියදුරාට අත තැබීය.


ඒ වනවිට මේ ගමනාන්තය සඳහා ත්‍රිරෝද රථ රියදුරු රුපියල් 200කට ආසන්න මුදලක් තෙල් පුච්චා ඇති බව දැනුණ විට තමාට සුද්දා දුන් කනේ පහර ගැන යහළුවන්ට කීවේ දැන් සුද්දන් අපේ කළු සුද්දන්ටත් අන්ත බව කියමින්ලු. 

 



අදහස් (0)

වට වන්දනාවේ එක්ක ගිය රියැදුරුට සුද්දකුගෙන් කනේ පාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site