IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙජිටේරියන් නෝනාගේ හොරේ පන්සලේ දාන ශාලාවේදී එළියට පැනලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
මස් මාළු නොකනවා යැයි කී උපාසිකාවකගේ  ‘‘වෙජිටේරියන් පට්ටම”‍ පන්සලේ දානයකදී ගැලවී යාමේ පුවතක් රජරට පළාතේ ගොවි ජනපදයකින් අසන්නට ලැබේ.
සිද්ධිය මෙසේය.
මෙම උපාසිකා මාතාව මස් මාංස  ඇතුළු ‘‘පිලෑ පිලිහුඩු”‍  කිසිවක් නො කන සිල්වත් තැනැත්තියක බව ගම් පළාතේ කා අතරත් විශ්වාසයක්  ගොඩනැඟී තිබුණි. ඇය නිතරම පැවැසුවේ ‘‘මම වෙජිටේරියන් කෙනෙක්නේ..... මොකටද ඔය සතුන්ගේ මස් කන්නේ...? ” මුහුණට දැඩි අපුලක් ආරෝපණය කරගෙන නිතරම පැවැසීමට පුරුදු වී සිටියාය.
එදින පන්සලේ කඨින පින්කම දිනයයි. ගම්මාන හත අටක ගම්වැසියන් එදින පන්සලට සුදුවතින් සැරසී පැමිණ සිටි අතර, සියලු‍ දෙනාම පාහේ එක් එක් වෑංජන, අතුරුපස, කැවිලි පෙවිලි ඇතුළු පූජා භාණ්ඩ ද රැගෙන පැමිණ සිටියහ. ඔවුහු ගෙනවිත් තිබූ බත් සහ වෑංජන  දාන ශාලාව තුළ තැන්පත් කළහ.


උදෑසන සිට කඨින පින්කමට අයත් ධර්මානුකුල චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු වතාවත් ඉටු කරද්දී සැදැහැවත් පිරිස ඔළු ගෙඩි බිමට නවාගෙන දොහොත් මුදුන් දී ස්වාමීන් වහන්සේ අනුගමනය කළහ.
දාන ශාලාවට රැගෙන ආ නානාවිධ වෑංජන අතර, දඩමස් පුරවන ලද පීරිසි කීපයක් ද  තිබුණේ ස්වාමීන් වහන්සේ පමණක් නොව ගිහියන් ද එදින පන්සලෙන් ආහාර ලබා ගන්නා බැවිනි.
මේ අව් අස්සේ, දාන ශාලාව දෙසට පිය නැගූ පන්සලේ කැපකරුවාට දැක ගැනීමට ලැබුණේ ඇස්  අදහාගත නොහැකි දසුනකි.
‘‘දෙයියෝ සාක්කි”‍ කියමින් දෑත නළලේ ගසා, කෑගසාගෙන පිරිස දෙසට දිව ගොස් ඔහු දුටු සිද්ධිය කීය.
දායක දායිකාවෝ  කිහිපදෙනෙක් කඩිමුඩියේම දාන ශාලාවට දිව ගියහ. සිහිමුර්ජාවෙන් දඟලන ‘‘වෙජිටේරියන් උපාසක නෝනා”‍ දුටු පිරිස අන්ද මන්ද වී මුහුණෙන් මුහුණ බලා ගත්හ. 
පිරිසේ සිටි වැඩිහිටි දායකයකු  දෙපාරක් නොසිතා, වෙජිටේරියන් නෝනා වෙතට පැන, ඇගේ පිට හරහා තරමක් තදින් පහර කිහිපයක් ගැසුවේ ඇයගේ උගුරේ කුමක් හෝ සිරවී ඇතැයි අනුමාන කළ බැවිනි.
කාරණය ඇත්තය. වෙජිටේරියන් උපාසක නෝනාගේ උගුරේ හිරවී තිබුණු උයන ලද මස්  වෑංජනයක මස්කෑලි හත අටක ගුලියක් එකවරම එළියට විසිවී ගියේ, ඇයගේ කෑදරකම  අබිබවා පුදුමයත්, සිනහවත් පිරිස අතර දෝර ගලමිනි.
වෙජිටේරියන් නෝනා මෙතෙක් කාලයක් තිස්සේ සඟවාගෙන සිටි රහස ගම් හතරක් පහක ජනතාව වෙත ඉගිලි ගියේ තත්පර හත අටක් ඇතුළතය.
එම තත්පර හත අටටත් වඩා වේගයෙන් මස් කෑ උපාසිකාව පන්සලෙන් වාෂ්ප වී සිටියාය.



අදහස් (1)

වෙජිටේරියන් නෝනාගේ හොරේ පන්සලේ දාන ශාලාවේදී එළියට පැනලා

රන්ජනී Friday, 10 November 2023 09:50 AM

හක්කේ බුදු රැස්, බොක්කෙ දඩ මස්!

:       5       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site