IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වික්ටෝරියාව උඩ ජොලිය අම්බානකට කා නවතී

ගංජාවලට ඇබ්බැහි වූ තෙල්දෙණිය ප්‍රදේශයේ තරුණයන් කීපදෙනෙක් යතුරුපැදිවල නැගී ගොස් තෙල්දෙණිය රඹුක්වැල්ල ග්‍රාම පෙදෙසේ ‘වික්ටෝරියා ජලාශ රක්‍ෂිතයේ ගංජා උරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් එම ගංජා මත්ලෝලී තරුණයන්ට එළවා එළවා පහරදුන් පුවතක් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා විය.


ගංජා සඳහා ඇබ්බැහි වූ තරුණයන් නිතර නිතර රඹුක්වැල්ල ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශ රක්‍ෂිත පෙදෙසට පැමිණෙන අතර ඔවුන්ගේ එම ක්‍රියාවන්ට ප්‍රදේශවාසීන් වරින් වර විරෝධය පළකර එම තරුණයන්ට ගංජා දුම්පානය සඳහා රඹුක්වැල්ල ප්‍රදේශයට නොපැමිණෙන ලෙස දැනුම්දී තිබේ.


එහෙත් ගම්වාසීන්ගේ බසට අවනත නොවූ උඩවෙල ප්‍රදේශයේ ගංජා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයන් කීපදෙනෙක් යතුරුපැදිවලින් පැමිණ ගංජා මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී කෝපයට පත්වූ රඹුක්වැල්ල ගම්වැසියන් පිරිසක් ඔවුනට පහරදී පන්නා දැමූ බව ප්‍රදේශවාසියකු පැවසීය. නැවතත් යළිත් මෙම ප්‍රදේශයට පැමිණ ගංජා මත්දුම් උරන්නේ නම් එම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් සහ ඔවුන්ගේ යතුරුපැදි ද සමග ඔවුන් අල්ලා තෙල්දෙණිය පොලිසියට බාර දෙන බව රඹුක්වැල්ල ගම්වාසීහු පැවසූහ. පාසල් හැරගිය වයස අවුරුදු 20-25 පසුවන සහ අමතර පන්තිවලට යන තරුණ සිසුන් මෙන්ම පාසල් සිසුන්ද යතුරුපැදිවල පැමිණි වික්ටෝරියා ජලාශ රක්‍ෂිත පෙදෙස්වල ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බව තෙල්දෙණිය සහ රඹුක්වැල්ල ප්‍රදේශවාසීහු පවසති.
(ජේ.ඒ.එල්. ජයසිංහ) ​



අදහස් (0)

වික්ටෝරියාව උඩ ජොලිය අම්බානකට කා නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site