ත්‍රිරෝද රථය අනතුරට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලැබූ සැමියා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා වාහනයට සිදුව ඇති අලාබය පිළිබඳව හඬා වැළපුණ බිරිඳක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
ප්‍රේම සම්බන්ධයක් අනුව හඳුනාගෙන විවාහ වූ යුවළට දියණියන් දෙදෙනෙකි. සැමියා මත්පැන්වලට ගිජුකමක් දක්වන අතර එදිනෙදා කුලී වැඩක් කරගෙන ජීවත්වුවද යහමින් මිලමුදල් ඔහු සතුවිය. බිරිඳ නොකරන දෙයක් නොමැති අතර පොලියට මුදල් ණයට දීම සහ උකස් බඩු ගැනීම ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. රුපියල් ශතවලට දැඩි කැමැත්තක් දක්වන ඇය පුරසාරම් හා වහසි බස් දෙඩීමේ උපන් හපන් හැකියාවක් ඇති තැනැත්තියකි.
දිනපතාම මත් පැන් අඩියක් ගැසීම පුරුද්දක් කරගත් සැමියා සුපුරුදු පරිදි ඒ සඳහා ගොස් පෙරලා පැමිණෙමින් සිටියදී ඔහු විසින්ම පදවාගෙන ආ ත්‍රිරෝද රථය පෙරළී ගියේය. අනතුරෙන් බරපතළ තුවාල ලැබ සිටි ඔහු පාරේ ගමන් කළ කිහිප දෙනෙකු විසින් නිවසට රැගෙන ගොස් තිබුණි. සිදුවූයේ කුමක්දැයි බිරිඳ විමසා සිටි අතර වාහනය පෙරලුනා යැයි සැමියා පැවසීය. බිරිඳට උන්හිටිතැන් අමතක විය.
අපරාදේ වීල් එක යැයි පවසමින් දියණියද සමග බිරිඳ අනතුරු සිදුවූ ස්ථානයට දිව ගියහ. තුවාලකරු රැගෙන ගිය පිරිස තුෂ්නීම්භූතව බලා සිටියහ. බිරිඳ සහ ලේලිය ත්‍රිරෝද රථයට සිදුව ඇති හානිය පිළිබඳව අනතුරු සිදුව ඇති ස්ථානයේ හඬා වැටෙමින් සිටිද්දී අසල්වැසියෝ සැමියා රෝහල කරා ගෙන ගියහ. පසු දින වන විට සිද්ධිය ගම පුරා පැතිර යාම නිසා ටික දිනක් යන තෙක් මව සහ දියණිය නිවසින් බැහැර නොගිය බවද සැලවේ.
හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ලේ පෙරාගත් සැමියා දෙස නොබැලූ බිරිඳ ත්‍රීවිලරය කැඩුණාට විලාප දීලා