IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන



අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 
සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමට පැමිණි  තරුණ පිරිස සහ වැඩිහිටියෝ එක්වී සෑම වර්ෂයකම බක්මහ උළෙලක් පවත්වති. අගනුවර ප්‍රදේශයේ විවිධ රැකියාවල නියුතු පිරිස අවුරුදු උත්සවයට අවශ්‍ය තෑගිබෝග ද රැගෙන ඒමට අමතක නොකළහ. විනෝදාස්වාදය ගෙනදෙමින් විවිධ ජන ක්‍රීඩා තරගවලින් සමන්විත බක්මහ උළෙල අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ ගමේ පාසලේ ක්‍රීඩා පිටියේදීය.
උදෑසන නවයට පමණ ආරම්භ වූ බක්මහ උළෙල දහවල් වන විට  දැඩි උණුසුම්කාරී බවකින් යුත්ත වූ අතර විටින් විට ඇදහැලු‍ණු ධාරානිපාත වර්ෂාව බාධාවක් කර නොගෙන සංවිධායකයෝ බක්මහ උළෙල පැවැත්වූහ.
බක්මහ උළෙලේ ලිස්සන ගහේ නැගීම දැඩි උණුසුම් තරගයක් වූ අතර හතර දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ඒ සඳහා ඉදිරිපත් වී සිටියේය. කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ගමේ සැමදෙනා අතර ජනප්‍රිය වැඩිහිටියකු වීම ද විශේෂ විය.


අඩි තිහක් පමණ උසකින් යුතු ලිස්සන ගස ක්‍රීඩා පිටියේ මැද සිටුවා තිබූ නිසා තරගය නරඹන්නන්ගේ විශේෂ අවධානයට ද යොමු විය. තරගකරුවන් හතරදෙනා උදෑසන සිට ගසේ සවිකර ඇති කොඩිය ලබා ගැනීමට සාමූහික උත්සාහයක යෙදුණු අතර, සවස හතර වනවිට ලිස්සන ගහේ මුදුනට නැගීමට කණ්ඩායමේ නායකයා සමත්වූයේය.
ලිස්සන ගසේ නැගීම පිළිබඳව නිවේදකයා විසින් නරඹන්නන්ගේ උත්තේජනය වැඩි වන ආකාරය විස්තර කථනය කිරීමෙන් සියල්ලෝ ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. ලිස්සන ගස මුදුනට නැග කොඩිය අතට ගෙන සිටි වැඩිහිටියාට ද තමන් සිටි තැන පිළිබඳව අමතකව ගස මුදුනේ දෑතින් එල්ලෙමින් විවිධ රංගන දක්වන්නට විය. 
අත්දෙකින් එල්ලෙමින් එලෙස රංගනයේ යෙදෙමින් සිටින විට එක්වරම හැඳ සිටි සරම ගැලවී බිමට වැටුණු අතර නරඹන්නන්ගේ හූ හඬින් පළාතම ගිගුම් දෙන්නට විය. යට ඇඳුම පිටින් කොඩියද රැගෙන ගසෙන් බැසගත් කණ්ඩායම් නායකයා ක්‍රීඩා පිටියෙන් ඉවතට දිවගියේ වැටුණු සරම ද අහුලාගෙනය. ජයග්‍රාහකයන්ට  වටිනා තෑග්ගක් ප්‍රදානය කළ අතර එය ලබාගැනීමට ද ඔහු පැමිණියේ නැත. ‘අවුරුදු උත්සවයක් තියෙනවා ලිස්සන ගහේ නගින්න යමුද?’ කියා විමසමින් ගමේ තරුණයන් ඔහුට ඇමතුම් ලබාදීමට කටයුතු කිරීමෙන් සිය දුරකතනය ද විසන්ධි කර ඇති අතර ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බවද පැවසේ.  



අදහස් (0)

ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site