IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්


කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ



අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය.
එම සිදුවීමට පසුබිම් වූ පුවත වාර්තා වූ‍යේ මෙසේය. 
මෙම ප්‍රදේශයේ තරුණ පිරිසක් සිංහල අලු‍ත් අවුරුදු උත්සවය වෙනුවෙන් වර්ෂයක් පාසා බක් මහ උළෙලක් සංවිධානය කරති.
මෙවරද මෙම බක් මහ උළෙල පැවැත්වීමට කටයුතු සංවිධානය කළේ පෙර වර්ෂයටත් වඩා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමේ අරමුණු ඇතිවය.
ඒ අනුව මසකට පමණ පෙර සිටම බක් මහ උළෙල සඳහා අවශ්‍ය ආධාර මුදල් ප්‍ර දේශවාසින්ගෙන් එකතු කිරීමට පටන්ගත් අතර ගම හරහා දිවීම, අවුරුදු කුමරා, කුමරිය, සැඟවුණු අමුත්තා සහ ලිස්සන ගස යන තරග සඳහා විශේෂ අනුග්‍රහකත්වයන් ලබා ගන්නා ලදි.


සියලු‍ සංවිධාන කටයුතු අවසන් වූ පසු තීරණය කරගත් දින අලු‍ත් අවුරුදු උළෙල පටන් ගන්නා ලද්දේ දින කිහිපයක් පුරා ගම්මානයේ ප්‍රචාරක වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.
එදින මුලින්ම පොල්තෙල් පහන දල්වා, ගම හරහා දිවිමේ තරගයෙන් බක් මහ උළෙල ආරම්භ වූ අතර ඉන් පසු කුඩා දරුවන් සඳහා වන තරඟ ද ආරම්භ කෙරිණි. මේ අතර වාරයෙදි ආරම්භ කිරීමට නියමිත අනෙකුත් තරඟ පිළිබදව ද ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය වීම සිදු විය.
එහිදි ලිස්සන ගසේ නැගීමේ තරගය පිළිබඳව ප්‍රචාරය කිරීම සිදු විය. නමුත් ඒ සඳහා වන ත්‍යාගය පිළිබඳව සඳහන් නොකිරීම නිසා තරග කරුවන් ඉදිරිපත් වීමට මැලිකමක් දක්වන බව තරග සංවිධායකයින්ට දැක ගැනීමට හැකිවිය. ඒ අනුව එම තරගයේ අනුග්‍රාහකයා සහ ඒ වෙනුවෙන් ප්‍රදානය කරන මුදල් ත්‍යාගය පිළිබඳ ව ප්‍රචාරය කිරීමට තරග සංවිධායකයෝ කටයුතු කළහ.
එම නිවේදනය ඇසීමෙන් පසුව ඒ සඳහා ගම්මානයේ තරුණ කණ්ඩායම් පහක් පමණ ඉදිරි පත් වූහ. ඒත් සමග මෙම නිවේදනය ඇසු පුද්ගලයෙක් වහාම ගොස් අනුග්‍රාහකත්වය ලබා දෙන පුද්ගලයා හමු වී යමක් ප්‍රකාශ කළේය. එය ඇසු අනුග්‍රාහකයා ලිස්සන ගසේ තරගය අවලංගු කරන ලෙසත් තම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමටත් අවශ්‍ය යයි සංවිධායක මණ්ඩලයට කන්නලව් කරන්නට වූයේය.
මෙයින් අලි අමාරුවක වැටුණු සංවිධායක මණ්ඩලය ඇයි දැයි අනුග්‍රාහකයාගෙන් විමසීය. එය ඇසු එම පුද්ගලයා තමා ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින බවත් ලිස්සන ගස සඳහා ත්‍යාග මුදල සහ අනුග්‍රාහකත්වය ලබා දුන්නේ ඒ මගින් ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් බවත් කීවේය. එහෙත් අනුග්‍රාහකත්ව මුදල වැඩි බැවින් එය මැතිවරණ තම වියදම් සඳහා ඇතුළත් කළ යුතු යැයි පුද්ගලයෙකු පැවසු බවත් එය ඇසු මොහොතේ සිට තමන්ට හීන් දහදිය දැමීමට පටන් ගත් බව කීවේය.
එසේ පැවසු එම පුද්ගලයා සංවිධායක මණ්ඩලයට සමාචාර කර මෙම ගැටලු‍වෙන් තමා මුදවා දෙන ලෙස අයැදිමින් ලිස්සන ගස දෙසවත්, නොබලාම බක් මහ උළෙල සංවිධායක මණ්ඩලය ද, අලි අමාරුවක දමා හෙමිහිට ලිස්සා ගියේය.



අදහස් (0)

ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site