IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ලොරියත් රැගෙන දුව ගේන්න ගිය මවුපියන්ට තරු පෙනිලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සැමියාගේ කරදර හිරිහැර නිසා තමන්ගේ දේපළද රැුගෙන නිවසට ඒම අවශ්‍ය බව දැන්වූ තරුණ බිරියක කැඳවාගෙන ඒමට මාපියන් එහි යනවිටදී දෙදෙනා කෙළිදෙලෙන් පසුවූ පුවතක් වයඹ පළාත් ගම්මානකින් ඉකුත් සති අන්තයේදී වාර්තා විය.


වසරකට දෙකකට පෙර විවාහවී ඇය වයඹ පළාතට ගියාය. දෙදෙනා නිතර අඩදබර වෙමින් පවුල් දිවිය ගත කළ අතර හත් අට වතාවක්ම බිරිය මාපිය සෙවන බලා ගියාය. එසේ ගිය සෑම අවස්ථාවකදීම සැමියා ඇය කැඳවාගෙන යාම සිරිතක් විය.


අවසන් අවස්ථාවේ සැමියා සමග පිටත්ව යන අවස්ථාවේ බිරිඳ ආයෙත් මට කරදර කළොත් බඩු මුට්ටුත් අරගන ගෙදර එන බව පැවසුවාය.


මාස කීපයකට පසු බිරිය සිය මවට දුරකථන ඇමතුමක් දෙමින් සැමියා හොඳ හැටි පහර දුන් බවත් ඒ නිසාම යළි ඔහු හා සිටිය නොහැකි බැවින් කැඳවාගෙන යාමට එන ලෙසත් ඉල්ලා සිටියාය.


එමෙන්ම තමන් දෑවැද්දට රැුගෙන ආ දේපළ ආපසු ගෙන යාමට ලොරියක් රැුගෙන එන ලෙසද ඇය මාපියන්ට දැන්වූවාය.


දියණියගේ විලාපය ඇසූ මවුපියන් ඉක්මනින් දුර කතර ගෙවා බෑනාගේ ගෙදරට ගියේ ලූණු ඇඹුල් ඇතිව දෙකක් කියා, දියණිය ගෙදර කැඳවාගෙන එන අදහස ඇතිවය.


ලොරිය මිදුලේ තබා නිවසට යද්දී බෑනා හා දියණිය සතුටින් සිනහවෙමින් හුරතල් වෙමින් සිටිනු දුටු මවුපියන් තුෂ්නිම්භූත වී තම දියණියට හොඳ හැටි බැණ වැදී ලොරියත් සමග ආපසු ගමට ආවේ රුපියල් විසිපන් දහසක් ලොරි කුලිය ලෙස ගෙවමිනිි.
උතුර දකුණ බලාගැනීමට බැරි තරමට ඔවුන්ගේ රතු ඉර පැන තිබිණි.



අදහස් (0)

ලොරියත් රැගෙන දුව ගේන්න ගිය මවුපියන්ට තරු පෙනිලා

නලීන් Tuesday, 25 November 2014 01:25 AM

ණයක් තිබෙනවා නම් ගෙවන්නම වෙනවා කියනවනේ! (නි)

:       0       0

කුමාරි Tuesday, 25 November 2014 01:32 PM

සහන්ගේත්,පෙරේරාගේත් අදහස් මම අනුමත කරනවා. හැබැයි ගැහැනියක් මේ හැම දේම විඳ දරා ගන්නා විට සමහර පිරිමි තව තවත් නරුම වෙනවා. එහෙම ගැහැනුන් ඉවත බලා ගත් දවසට පිරිමියාට හිතා ගන්නවත් බැරි වෙනවා. (නදී)

:       0       0

සහන් බණ්ඩාර Tuesday, 25 November 2014 10:10 AM

අමිහිරි ලෙස දිවි ගෙවනා දියණිය යලි ගමට ගන්න...බොහො දුර සිට ආව නමුත් කිරි පැණි සේ සිටියි දෙදෙන.....ගමන් මගට ගොඩක් කාසි ගියත් කුමට කෝප වන්න...දියණියගේ සතුට හැකිද කාසි වලින් මිලට ගන්න..... (දී)

:       0       0

වරුණ Wednesday, 03 December 2014 03:42 AM

කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

ගමගේ Tuesday, 25 November 2014 02:50 AM

මිනිස් සිත්වල ස්වභාවය තමයි මේ... (නි)

:       0       0

ගජබා Tuesday, 25 November 2014 08:00 AM

අර කියමනක් තියෙනවලු නේද සැමියගෙයි බිරිදගෙයි අඬදබර බත් හැලිය ඉදෙනකම් විතරයි කියල...මොකක්ද දන්නේ නැහැ එ්කේ තේරුම...? (ස)

:       0       0

ධම්ම Tuesday, 25 November 2014 04:28 AM

බැන්දට පස්සේ ඒ දෙන්නාට එයාලගේ ලෝකේ ඉන්න දෙන්න. මේවාට දෙමාපියන් කලබල වෙන්න ඕනෑ නැහැ.(නදී)

:       0       0

සනත් Tuesday, 25 November 2014 04:50 AM

දෑවැද්දට තව ගානක් එකතු කලා බෑනෝ.(අ)

:       0       0

ඇසිලින් Monday, 24 November 2014 07:16 PM

ආදරේ...ආදරේ... ඕකනේ ගමේ කතාවක් තියෙන්නේ කරුවලට පහන නිවලා නිදාගත්තම පාන්දර එළිය වැටෙන්නේ අලුත් දවසකින්. විදුලිය තිබෙන ගෙවල්වල දෙමහල්ලෝ හැමදාම සණ්ඩු සරුවල්.ගමේ එහෙම නැහැ මාමේ. (නි)

:       0       0

ගයාන් Wednesday, 26 November 2014 04:46 AM

දෙන්නා දෙමහල්ලන්ගේ දෙඹර බත් හැලිය ඉදෙනකන් විතරයි කියල කතාවක් තියෙනවනේ (නදී)

:       0       0

ලලිත් Thursday, 27 November 2014 09:28 PM

කොයි නෝනත් ඔහොම තමයි. එක රැයෙන් වැඩේ ෂේප් කරගන්න ඒගොල්ලෝ දන්නවා. ලොරියත් අරන් යන්න තිබුනේ ගෝරිය වෙච්ච දවසේමයි. පහුවදා දුව අරන් ගියානම් මහත්තය පස්සෙන් එනවා නැන්දම්මලගේ ගෙදර. (නදී)

:       0       0

සමන්ති Monday, 24 November 2014 09:34 PM

සමහරු ආදරය වැඩිකමට බිරියට රිදවනවා. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 26 November 2014 01:15 PM

කට්ටියක් බත් හැලි ගැන කතා කරනවා. බොහෝ වෙලාවට දැන් ගෙවල් වල රෑට බත් හැලි ඉදෙන්නේ නෑ. චූන් පාන් කාරයෝ හැම තැනම යනවා. (නදී)

:       0       0

කේ. සිරි Tuesday, 25 November 2014 06:14 PM

මට ආයෙත් කතාවක් මතක්වුණා. ඒ කාලේ ගෙදරක හැමදාම රණ්ඩුලු. දවසක් රණ්ඩුවෙලා පිරිමි කෙනා ගෙදරින් යන්න ගිහිල්ලා. රෑට ඒ ගැහැණුකෙනා ලතෝනි දෙනවලු "බුදු අම්මෝ මේ මිනිහා මට ගහනෝ" කියලා. අහළ පහළ අය ගිහින් බැලුවහම මේ ගැහැණු කෙනා වංගෙඩිය වහළයේ එල්ලලා පද්දලා ඇඟේ වද්දගෙනලු අර විදියට කෑ ගහන්නේ. (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 26 November 2014 01:58 PM

ඔබ දෙපළ මාපියන් වෙන්න හිතනවානම් අනේ ටිකක් හිතන්න අහිංසක කිරිදරුවන්නම් බිල්ලට දෙන්න එපා . (අ)

:       0       0

ශිරෝමි Wednesday, 26 November 2014 07:06 AM

පව් අහිංසක අම්මලා. හැම පැත්තෙන්ම තැලෙනවා. (ර)

:       0       0

පෙරේරා Monday, 24 November 2014 11:32 PM

සමහර ගැහැණු - මිනිසුන්ට ගුටිබැට දෙන , ගුටිකන ඒවායින් පවා සතුට විඳින මානසික තත්වයක් තියනවා! ඒ දෙන්නට ඒවා සතුටක් වුණත් අසරණ දරුවන් ඒවා කොහොම හිතට ගන්නවද? අපේ සමාජයේ ගොඩක් අය හිංසාකාරී මානසික මට්ටමකින් පසුවීම ලොකු ගැටළුවක්. "නවක වදය"ත් මේකේ එක පැතිකඩක් . (නි)

:       0       0

ඉන්දික Tuesday, 25 November 2014 09:21 AM

බැදලා වෙන් උනාම දෙමව්පියෝ මැද්දට පනින්න හොඳ නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 381 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 771 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 860 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 683 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1258 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 731 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site