IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලාබෙට ගන්න ගිහින් සාක්කුවට තට්ටුවෙලා

(අතුරුගිරිය විමුක්ති)

කොළඹට ආසන්න ගමක මිතුරන් පිරිසක් පුරුද්දක් වශයෙන් මසකට දෙවතාවක් කොළඹ නගරයේ ඇවිදයන්නේ නොයෙකුත් භාණ්ඩ අඩු මිලට ගෙන ගමට ගොස් වැඩි මිලකට විකිධෑමටය. මේ කණ්ඩායම ලාබ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස භාෂාව හසුරවමින් කටයුතු කරයි.

දිනක් සුපුරුදු පරිදි කොළඹ නගරයේ ස්ථාන කීපයකට ගොස් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ අඩු මිලට ගැනීමට සොයමින් යන අතර, කණ්ඩායමේ එක් මිතුරකුට යට ඇඳුමක් මිලට ගැනීමට අවශ්‍ය වුවත් එම අවශ්‍යතාව ඉතා අඩු මිලකින් ඉටු කර ගැනීමේ අරමුණින් වෙළෙන්දකු වෙත ගොස් විමසුවේය. එවිට වෙළෙන්දා පවසා ඇත්තේ රුපියල් දෙසීයක් වැනි මුදලකට යට ඇඳුම් 3ක් මිලදී ගත හැකි බවයි. එහෙත් එයටත් වඩා අඩු මුදලකට මිලදී ගත යුතු යැයි සිතූ මිත්‍රයා එය මගහැර වෙනත් වෙළෙන්දකු සිටින ඉසව්වක් සොයා ගියේය. මාර්ගයේ වෙළෙඳාම් කරන වෙළෙන්දකු යට ඇඳුම් දෙකක් තිබෙන පෙට්ටියක් පෙන්වමින් ශබ්ද නගා “රුපියල් අසූවයි රුපියල් අසූවයි” කියමින් වෙළෙඳාමේ යෙදුණි.

එය දැකීමෙන් එය ඉතාම ලාභදායී අවස්ථාවක් යැයි සිතූ මිතුරා එය මිලදී ගැනීමට රුපියල් 100ක් සිය පසුම්බියෙන් ඉවතට ගෙන වෙළෙන්දා අතට දී එක් පෙට්ටියක් තමන්ට දෙන මෙන් ඉල්ලා සිටියේය. වෙළෙන්දා ද භාණ්ඩය වෙනත් පාර්සලයකට දමා ඔහු අත තැබීය. වෙළෙන්දාට දුන් රුපියල් 100ක මුදලේ ඉතිරි මුදල් ඉල්ලූ වෙළෙන්දා ශබ්ද නගා පවසා ඇත්තේ භාණ්ඩය වෙනුවෙන් තවත් මුදල් අවශ්‍ය බවය. එක යට ඇඳුමක මිල පමණක් රුපියල් අසූවක් වන බවකි. වෙළෙන්දා කීවේ දෙකෙහිම මිල රුපියල් එකසිය හැටක් වන බවයි. එම අවස්ථාවේදී ඒ අසල සිටි මිත්‍රයන්ගේ ඇස් උඩ ගියේය. එහෙත් සුළු වේලාවකින් සිදුවී ඇත්තේ කුමක්ද කියා වැටහුණි. අවට සිටි පිරිස ද මෙම සිදුවීමට අවධානය යොමු කර ඇති අතර, වරද වටහාගත් මිතුරන් පිරිස ඉතිරි මුදල්ද දී ලැජ්ජාවෙන් වට පිට බලා වහ වහා එම ස්ථානයෙන් පිටව ගියහ. වැඩි ලාභයක් සොයන්නට ගොස් තම මිතුරාට සිදුවූ අකරතැබ්බය පිළිබඳව අනෙක් මිතුරන් තිදෙනාට හාස්‍ය උපදවන කරුණක් ද විය.



අදහස් (0)

ලාබෙට ගන්න ගිහින් සාක්කුවට තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site