IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

රෝගී තත්ත්වයකට පත්වූවකුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් රෝගියා තව තවත් අපහසුතාවට පත්කර පිටවයාමේ පුවතක් මහව නගරය අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.


ඔවුහු රාජ්‍ය ආයතනයක සේවකයෝ වෙති.


වසර ගණනාවක් එකට සේවය කරමින් සිටියදී එක් සේවකයෙක් හදිසියේම රෝගී විය.


රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී පවා දුක සැප බලන්නට ගිය මෙම මිතුරෝ ඔහුට කළ හැකි සෑම උදව්වක් ම නොපිරිහෙලා ඉටුකර දුන්හ.


ඒ අතරවාරයේ ඔහු රෝහලෙන් පිටත්ව තම නිවහන කරා පැමිණියේය.


රෝහලේ සිටියදී බලන්නට බැරි වූ තවත් යහළු සේවක පිරිසක් ඔහු බලන්නට ඔහුගේ නිවසට යාමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් පසුගියදාක පෞද්ගලික වාහනයකින් එහි ළඟා වූහ.


ඔවුන් නිවසේ රැඳී  සිටින අතරවාරයේ තවත් පිරිසක් අඩියක් ගැසූහ. පමණ ඉක්ම වූ ඔවුහු අවසානයේ රෝගියාගේ කාමරයේ වාඩි වී වඩා වඩාත් ළංවී සුවදුක් විමසූහ.


ඒ අනුව දවසින් වැඩි වේලාවක් එහි සිට ඔවුහු නික්ම ගියහ.


රෝගියාට සවස් යාමයේ දිය යුතු බෙහෙත් දීමට ඔහුගේ බිරිය කටයුතු කළාය.


කාමරය පුරා සෙව්වත් ඒවා දක්නට නොමැති වූයෙන් පිටත්ව ගිය සේවකයන්ගෙන් ඒ ගැන දුරකතනවලට කතා කර විමසීය.


පිටත්ව ගිය අයකු එම බෑගය තමාගේ බෑගයට සමාන නිසා එය ඔහුගේ යැයි සිතා  වෙරිමරගාතේ රැගෙන ගොස් ඇති බවට අනාවරණය විය.


පසු දින රෝගියා නැවත රෝහලේ වෛද්‍ය සායනය වෙත රැගෙන යා යුතුය.


බෙහෙත් පමණක් නොව සායනවලට අදාල සියලු ලියකියවිලි ද එම බෑගය තුළය.


සිදුවී ඇති අකරතැබ්බය වරකාපොළ නිවැසියා අවට හිතවතුන්ට පැවැසීය.


මත්වතුර තොල ගා නැති හිතවත් සේවකයෝ දෙදෙනෙක්   කුරුණෑගල සිට වරකාපොළට යතුරුපැදියකින් ගොස් බෙහෙත් හා ලියකියවිලි රැගෙන මහව ප්‍රදේශයට 

යාමට පිටත් වූහ.


හිතවත් සේවකයන් දෙදෙනා ඒ නිවහනට මීට පෙර ගොස් නැති බැවින් ඔවුන් රාත්‍රියේ සිට  එය සොයා පාන්දර පැමිණෙන තෙක්ම රෝගියා ඇතුළු නිවසේ සියල්ලන්ම මාවතේ විස්තර කියමින් නිදි වරමින් කල්ගත කළ බවත්, මේ නිසා ඔවුන් දැඩි අපහසුතාවලට පත්ව සිටි බවත් දැනගන්නට ලැබුණි.



අදහස් (0)

ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site