ඔහු බස්නාහිර පළාතේ ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකි. කාටත් හොරෙන් මධුවිත තොලගෑ ඔහුට පසුකලෙක එය නැතිවම බැරිවිය.
පදම ඉක්මවා යාම නිසා පසුගියදා අක්මාවේ ආබාධයක් ඇතිව රෝහල් ගතවිය. උදවුවට ළඟ සිටියේ හිතවත්ම යහළුවෙකි.
රෝගියාගේ වුවමනා ඉටුකිරීමට බිරිය ආවේ පොඩි දුවද සමඟය. මොහොතකට පසුව රෝගියා යහළුවා සමඟ වැසිකිළියට ගියේය.
පොඩිදුව පිපාසිතව බොන්නට යමක් ඉල්ලූවෙන් වට පිට බැලූ මව රෝගියාගේ ඇඳ අසල වූ උණු වතුර බෝතලය දැක එය රැගෙන විවෘත කොට කෝප්පයට වත් කළේ දුවට දීමටය.
ඉන් අමුතු ගඳක් ආවේය. ඉව ඇල්ලූ ඇයට තරුපෙණින. එහි වූයේ මත් වතුරය.
උණු වතුර බෝතලයත් රැගෙන වැසිකිළියට දිව ගිය ඇය යහළුවාට හා රෝගියාට සැර වචන දෙක තුනක් කියා මත් වතුර බෝතලයම කැසිකිළි බේසමට හැලූවාලූ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෙඩවී රෝහලේ නැවතුණු රෝගියාගේ උණුවතුර බෝතලයේ අරක්කු
ධමම Wednesday, 09 January 2013 12:12 PM
ගුරුවරයෙකු වෙලත් තමාව පාලනය කරගන්න බැරි හැටි! (නි)
රොෂාන් Wednesday, 09 January 2013 07:18 PM
මොනවා වුණත් නියම යාලුවෙක්. (නි)
පද්මි Friday, 11 January 2013 12:14 PM
පංති කරන්න යද්දිත් ඔය උණුවතුර බෝතලය ගෙනියනවා ඇති (ස)
ජනක Wednesday, 09 January 2013 12:28 PM
ගුරුවරයෙක් වුණහම මීට වැඩිය වැදගත් වෙන්න ඕනෑ (නි)
රංජන Thursday, 07 February 2013 05:59 AM
අකේ! අනේ කොල්ලෝ.(නදී)
අමිල Wednesday, 09 January 2013 12:45 PM
ගුරුවරයෙක්නම් ඔහොම හැසිරෙනවද ? (ස)
චානක Wednesday, 09 January 2013 07:45 PM
කන බොන කොලු වයසනේ.... (නි)
රොහාන් Saturday, 12 January 2013 12:21 PM
බෙහෙත් වතුර (දී)
බුරම්පි Wednesday, 09 January 2013 01:00 PM
ඕං කොල්ලනේ හාපුරා කියල අරක්කු සිගරට් දෙකම බොන එක නැවත්තුව..හිතුවොත් බැරි නෑ.දැන් මම නිදහස් ගොවියෙක්.
ලලිත් Friday, 11 January 2013 01:23 AM
උණු වතුරෙයි, මත් වතුරෙයි වෙනස දන්නේ නැතුව ඇති (ස)
පනාගොඩ Thursday, 10 January 2013 03:25 AM
ඉතාලියේ ඉදලා ගිය වෙන්නප්පු ගුරුතුමෙක් වෙන්න ඇති. (නි)
හිල්ම් Wednesday, 09 January 2013 04:36 PM
ඉතින් ලෙඩේ හොද නැහැ කියලා දොස්තරලාට බනිනවා (දී)
රනිල් සංජීව Wednesday, 09 January 2013 01:26 PM
අරක්කු උණු කරලා බොන කෙනෙක් වෙන්න ඇති. (නි)
රුක්මල් Wednesday, 09 January 2013 04:42 PM
කවුද මේ ගුරුවරයා? (නි)
දමිත් Thursday, 10 January 2013 05:05 AM
සුරාවේ ඇති අගයත් එහි ඇති මනා ගුණයත් බොන උතුමෝ මිසක් නොබොන අනුවන ගැහැණු නොදනිත් (ස)
නිත්‍යා Wednesday, 09 January 2013 01:48 PM
ඉතින් කොහොමද අසනීපය සුව වෙන්නේ. හොඳ මිත්‍රයෙක් වෙන්න බෑ තනියට ලඟ හිටපු කෙනා (ස)
චන්දිම Thursday, 10 January 2013 07:43 AM
ගුරුවරුන් සහ ටියුෂන් ගුරුවරුන් අතර ඇත්තේ විශාල පරතරයකි. (නි)
ආනන්ද Thursday, 10 January 2013 08:02 AM
ඇති යන්තන් දුවට පොවන්න කලින් දැන ගත්ත එක හොඳයි (ස)
මාලක Saturday, 12 January 2013 09:50 AM
මෙන්න මිනිස්සු, ආදාර්ශයට ගන්නවානම් (දී)
අමිල Wednesday, 09 January 2013 05:22 PM
එයා සැර යන්න උණුකරලාලු බොන්නෙ. (නි)
දිනුක Thursday, 10 January 2013 09:12 AM
අන්න යාලුවෝ (ස)
සමන්ත Monday, 14 January 2013 09:55 AM
සැබෑ යාලුවෝ එහෙම තමයි. (නි)
සරත් Wednesday, 09 January 2013 10:24 AM
හුරු වුණොත් නවත්ව ගන්න අමාරුයි (ස)
ලලිත් Wednesday, 09 January 2013 05:48 PM
හැට පැන්නත් වඳුර බිමින් යන්නේ නෑ වගේ තමයි . (ස)
ජයතිලක Wednesday, 09 January 2013 03:41 PM
මමත් ඔහොම තමයි. යාලුවත් බොන කෙනෙක් වෙන්න ඇති (ස)
මේනක Wednesday, 09 January 2013 06:10 PM
ගොඩම බේත තමයි ළඟ තියාගෙන ඉදලා තියෙන්නේ (දී)
වරුණ Wednesday, 09 January 2013 11:06 AM
ඔය වගේ තමයි හිර ගෙදරට කුඩු යන්නේ (ස)
එරංග Thursday, 10 January 2013 03:27 PM
මැරෙන්න තියෙන ආසාවනේ, ඉක්මණට. (නි)
ෂෙරීෆ් Thursday, 10 January 2013 06:36 PM
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද ඇරෙන්නේ නෑලු (ස)
සංජිව Saturday, 12 January 2013 11:44 AM
කාටවත් තේරුනේ නැද්ද (දී)
වීරසිංහ Thursday, 10 January 2013 11:53 PM
ඔය එක්කෙනෙක් විතරයි (දී)