(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
සිය සේවිකාවක සමග ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියකු ඉන් පිටතට පැමිණෙමින් සිටිය දී සිය බිරියගෙන් හා තරුණියගේ ඥාතීන්ගේත් ප්‍රහාරයට ලක් වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
ප්‍රදේශ කීපයකම සුපිරි වෙළෙඳසල් හිමි විවාහකයෙක් තමාට වඩා බොහෝ වයසින් අඩු තම සේවිකාවක සමග සම්බන්ධයක් ඇති කරගෙන ඉඩ ලද අවස්ථාවල ලැගුම්හල්වලට යෑමට පුරුදු වී සිටියේය.
සිද්ධිය පිළිබඳව ඇගේ දෙමාපියන්ට හා ඥාතීන්ට සැලවී ‘‘ඔහු විවාහකයකු’’ බැවින් වහාම මේ සම්බන්ධය නතර කරන ලෙස අවවාද කළ ද, සම්බන්ධය නතර වී නැත. එබැවින් ඥාතීහු ද ඈ ගැන විමසිල්ලෙන් සිටියහ.
මේ අතර දිනෙක වෙළෙඳසල් හිමියා උදෑසන අතරමග දී තරුණිය සිය රථයට නංවාගෙන යනු දුටු ඥාතීන්ගේ ඔත්තුකාරියක් ඒ බව ඇගේ පුංචි අම්මාට දැනුම් දුන්නාය.
පුංචි අම්මා සිය පුත්‍රයා හා ඔහුගේ මිතුරන් පිරිසක් සමග වහාම ක්‍රියාත්මක වී දෙදෙනා ගියේ කුමන ලැගුම්හලකට දැයි සොයා බලන්නට වූවාය.
විසිරී ගිය පිරිස අතරින් එක් අයකුට වෙළෙඳසල් හිමිගේ වර්ණ දෙකකින් යුතු මෝටර් රථය වෙළෙඳසලට කිලෝමීටර් හයක් විතර දුර පිහිටි ලැගුම්හලක රථ ගාලේ නතර කර තිබෙනු දැක ගත හැකි විය. ප්‍රධාන මාර්ගයෙන් හැරී මීටර් 150ක් පමණ ගිය තැන අතුරු මාර්ගයක පිහිටි මෙම ලැගුම්හලට ඔහු සියලු දෙනාම කැඳවා ලැගුම්හල් හිමියාගේ බිරිඳ ද එම ස්ථානයට කැඳවා ගත්තේය.
තරුණියගේ පුංචි අම්මා තවත් අයකු සමග ලැගුම්හල් හිමියා මුණගැසී තරුණිය බාර දෙන ලෙස ඉල්ලා සිටියාය. ඇය පිටකරන්නට පොරොන්දු වන ලැගුම්හල් හිමියා ඔවුන් පිටතට යවා මේ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නේය.
පොලිසිය පැමිණ ‘‘කෝලාහල කරන්න එපා. අපි දෙන්නම පොලිසියට ගෙන යනවා’’ යැයි පවසමින් තරුණිය ජීප් රථයේ නංවාගෙන පිටත් වූ අතර, වෙළෙඳසල් හිමියා සිය මෝටර් රථයෙන් ජීප් රිය පසුපස පැමිණියේය.
ඥාති පිරිස අතර සිටි තැනැත්තකු එකවරම සිය අත තිබූ වතුර පුරවන ලද බෑගයක් වාහනය ඉදිරිපසට විසි කිරීමත් සමග කලබල වන ඔහු තිරිංග පෑගුවේය.
එවිට තරුණියගේ ඥාතීන් ද වාහනයේ දොර හැර ඔවුන් අත තිබූ කුණු බිත්තර හා කුණු තක්කාලිවලින් ප්‍රහාරයක් එල්ල කරද්දී බිරිය ද තමාගේ බෑගය හැර කුඩයක් එළියට ගෙන ඔහුට ප්‍රහාරයක් එල්ල කළාය.
පොලිස් නිලධාරීන් පැමිණ ඔහු බේරාගෙන රථයේ දොර වසා දමද්දී ඥාතීන්ගේ සහ අවට පදිංචිකරුවන්ගේ හූ.... හඬ මැද්දේ රථය ඉදිරියට ඇදුණේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියාට සුපිරි ප්‍රහාරයක්
shen Wednesday, 04 August 2021 07:21 AM
දැන් ඔතන බිත්තර ගහපු තක්කාලි ගහපු අය කිසිම කෙනෙක් ඔය විදියට හැසිරිලා නැති අයද ?කාට කියනන්ද ඉතින් ඕවා !