ලෝක විනාශය ගැන අසා තමන් ණයට දුන් මුදල් එකතු කිරීමටත් අලූතෙන් ණයදීමත් නැවැත්වූ පුද්ගලයෙක් පිළිබඳව කොළඹට නුදුරු ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි. ඔහු හැට පැන්න පුද්ගලයෙකි. ඔහු කළ රැකියාවෙන් විශ‍්‍රාම ගැනීමේදී ලැබූ මුදල්වලින් එදිනෙදා රැකියා කරන අයට ණය මුදල් දී එයින් ලැබෙන පොලි මුදලින් ජීවත් විය. කාලයක සිට කරගෙන ආ ණයදීම හදිස්සියේම නවත්වා ණය දී ඇති පුද්ගලයන් වෙත ගොස් මෙම 20 වැනිදාට පෙර ණය මුදල් ගෙවන ලෙස පැවසීම නිසා ණය ලබාගත් අය දැඩි අපහසුතාවට පත් වී ඇත. මේ පිළිබඳව ඔහුගෙන් ණයකරුවන් ඇසූවිට පවසා ඇත්තේ තමාට ශල්‍යකර්මයක් කිරීමට ඇති බවත් ඒ සඳහා මුදල් අවශ්‍ය බවයි. ණයකරුවන් මේ පිළිබඳව කරුණු සොයා බලා ඇතත් ශල්‍යකර්මයක් කිරීමට තරම් ණය දෙන්නා රෝගීව නොසිටි බව පැහැදිලි විය. පසුව සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ ලෝක විනාශයක් ඇතැයි පළවූ ප‍්‍රවෘත්තියක් අසා ඇති බවත් යම් හෙයකින් ණයකරුවන්ට කරදරයක් සිදුවී තමා ජීවත්ව සිටියහොත් මුදල් අහිමි වේයැයි බියක් ඇති කරගෙන මෙසේ කර ඇති බවයි.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක විනාශයට බයවෙලා ණය මුදල් ඉක්මනින් ඉල්ලලා
ජීවන් Tuesday, 18 December 2012 12:59 PM
අනේ අනිච්චං.... (ස)
සමන්ත Tuesday, 18 December 2012 01:03 PM
එයා මැරෙන්නේ නැතුවද? (නි)
නසාර් Tuesday, 18 December 2012 01:35 PM
ලෝක විනාශයක් තිබෙනමුත්, එය සිදුවෙන කාලය හෝ වේලාව කොයිමාකාරයේ ජගතෙකුටවත් කියන්න බැහැ. (නි)
සරත් Tuesday, 18 December 2012 01:42 PM
එයාට අනාගතය ගැන බය හිතෙන්න ඇති. (නි)
රොෂාන් Tuesday, 18 December 2012 07:35 PM
නොමැරෙන මිනිහෙක් වගෙයි. (නි)
උමේෂ් Wednesday, 19 December 2012 03:26 PM
මේක පුදුම වැඩක්නේ...ඒ මනුස්සයගෙ සල්ලි ගන්න කාගෙන්වත් අවසර ඕනෙද? (ස)
රාජා Tuesday, 18 December 2012 03:34 PM
එයා යනකොට අරගන යන්න වෙන්න ඇති. ඉක්මනට දීලදාන්න බලන්න. (ස)
දයා, සෞදියේ සිට Tuesday, 18 December 2012 03:34 PM
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවනේ (ස)
මුතුකුඩ Tuesday, 18 December 2012 09:11 PM
ඒකනේ අපි පොළියට දෙන්නෙත් නැහැ. පොළියට ගන්නෙත් නැහැ. ඒක නිසා ලෝකය විනාශ වුණත් අපිට ප්‍රශ්ණයක් නැහැ. (නි)
ලලිත් - කටාර් Wednesday, 19 December 2012 10:35 AM
සාමාන්‍ය දෙයක් මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි (දී)
ප්‍රසන්න Saturday, 22 December 2012 02:56 PM
මැරෙන්න කලින් නය අරන් මොනවා කරන්නද (දී)
විනෝද් Wednesday, 19 December 2012 11:30 AM
මේක තමයි මනුස්ස කම (ස)
ෂෙරිෆ් Tuesday, 18 December 2012 11:02 AM
අනේ පව් පොලී මුදලාලි ජීවිත කාලයටම බණක් අහන්න පන්සල පැත්තෙ ගිහිං නැහැ වගේ..!(නු)
ප්‍රසන්න Sunday, 23 December 2012 10:22 AM
මේ සල්ලි ඒ මන්ස්සයාගෙනේ. මේ ක්‍රියාව සාධාරණයි. (නි)
ශ්‍රියාණි Friday, 21 December 2012 02:03 PM
ගොඩක් ගිනි පොළී කාරයින්ට මැරෙන බව අමතකයි. (නි)
වරුණ Tuesday, 18 December 2012 12:16 PM
ලෝක විනාශයට කලින් සල්ලි ටික එකතුකරාගන බැංකුවේ දාගන්න හිතුණද දන්නෙ නැහැ. (නි)
කමල් Thursday, 20 December 2012 01:38 PM
මම හරිම ආසයි ලෝක විනාශක් උනොත් ඔය පුද්ගලයා මගෙ ළගම ඉන්නවානම්.. එතකොට මට අහන්න පුළුවං අපි දෙන්නටම කොහොම හම්බකලත් එකම ගමන නේද යන්න වෙලා තියෙන්නේ කියලා..!(නු)
සිල්වා Tuesday, 18 December 2012 05:29 PM
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් පොළීකරුනි, දැනේද මින් සැනසීමක්... (නි)
අජිත් Saturday, 22 December 2012 07:05 AM
ගිනි පොළීකාරයෝ කොහොමත් තණ්හාවයි. (නි)