IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොකු පුටුවකට හොරෙන් පනින්න ගිහින් නොන්ඩිවෙලා

ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර
රාජ්‍ය ආයතනයකට අනුබද්ධ කමිටුවක ප්‍රධාන තනතුරක් ගන්නට යෙදූ උප්පරවැට්ටියක් ගැස්සීයාමෙන් ඔහුට කමිටු සාමාජිකයන්ගේ උසුළු විසුළුවලට ලක්වීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
එය දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ නගරයකි. එහි පිහිටි රාජ්‍ය ආයතනවල සංවර්ධන කටයුතු කිරීම සඳහා ඒ ඒ ආයතනවලට අනුබද්ධව විවිධ කමිටු පිහිටුවා ගනු ලැබීය. මේ නගරයේ වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් දෙදෙනකු මේ සෑම කමිටුවකම විවිධ නිලතල ලබාගත්තේ අනෙක් නගරවාසීන්ට තමන්ගේ ලොකුකම පෙන්වීමටය.
පසුගියදා නගරයේ වූ කාටත් සාමය උදාකරන ආයතනයක එවැනි කමිටුවක් පිහිටුවා ගැනීම සඳහා රැස්වීමක් එම ආයතන රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට කැඳවා තිබුණි. මෙම කමිටුවේ සභාපතිධුරය ලබාගතහොත් අනෙක් කමිටුවල ලබාගත් තනතුරුවලට වඩා සමාජයේ ඉහළින් කැපී පෙනෙන්නට හැකි බව මේ දෙදෙනාම කල්පනා කළහ. මේ සඳහා උප්පරවැට්ටියක් යොදාගැනීමට මින් එක් අයෙක් කල්පනා කළේය. ඒ අනුව ඔහු කළේ තම හිතවතුන් දෙදෙනකුට මේ රැස්වීමට එන ලෙස දන්වා සිටීමය.
‘‘ඔය දෙන්න හරියට තුනට එතනට එන්න. එක්කෙනෙක් මගේ නම සභාපති තනතුරට යෝජනා කරන්න. අනෙක් එක්කෙනා ඒක ස්ථිර කරන්න. මම ඊට පස්සෙ ඔය දෙන්නම කමිටුවෙ සාමාජිකයන් හැටියට දාගන්නම්.’’


නියමිත දින නියමිත වේලාවට රැස්වීම ආරම්භ විය. කමිටුව පිහිටුවා ගැනීමේ අරමුණු හා එහි කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව ආයතන ප්‍රධානියා පැමිණ සිටින අය දැනුවත් කළේය. ඉන් පසු පළමුව ලේකම් ධුරය සඳහා කෙනෙකු යෝජනා කරන ලෙස නිවේදනය කළේය. ඒ සඳහා එහි සිටි විශ්‍රාමික විදුහල්පතිවරයෙක් යෝජනා ස්ථිරත්වයෙන් පත්විය. ඊළඟට සභාපති ධුරය සඳහා නමක් යෝජනා කරන ලෙස නිවේදනය කරනවාත් සමඟම දෙදෙනෙක් නැගී සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයකුගේ නාම යෝජනා කළහ. ඔහු ඒ වනවිට නගරයේ වූ සෑම කමිටුවකම තනතුරු දරන දෙදෙනාගෙන් කෙනෙකි. මේ නිසා අනෙක් පුද්ගලයා තමන්ගේ නම යෝජනා ස්ථිර කිරීමට කැඳවාගෙන ගිය දෙදෙනාට ඊට අවස්ථාවක් ලැබුණේ නැත. ‘දැන් කරන්න දෙයක් නැහැ. සංවිධායක තනතුරට මගේ නම යෝජනා කරනවා’ ඔහු මිතුරන් දෙදෙනාට පැවසීය. එහෙත් අර මිතුරන් දෙදෙනාගෙ නම් කමිටුවට යෝජනා වූයේ නැත.


පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ සභාපති තනතුරට පත්වූ පුද්ගලයාද තමන්ගේ නම යෝජනා කර ස්ථිර කිරීම සඳහා ඔහුගේ මිතුරන් දෙදෙනකු කැඳවාගෙන පැමිණ ඇති බවය.
අවසානයේ මිතුරන් දෙදෙනා අර විශ්‍රාමික රාජ්‍ය සේවකයාට ‘‘ඔයා කියපුව කරන්න ගිහින් තව පොඩ්ඩෙන් අපට වෙන්නෙ අලියට උදවු කරන්න ගිය වඳුරට වෙච්චි දේ’’ යැයි කියා විහිළු කළහ.



අදහස් (0)

ලොකු පුටුවකට හොරෙන් පනින්න ගිහින් නොන්ඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site