IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලක්ෂ 7 ක රන්’ මාලය ගන්න තරුණියක ගේක හිරකර විසිදාහක පලතුරු කන්න දීලා

හිඟුරක්ගොඩ සුනිමල් හේවගේ 
තම තරුණ බිරිය දරු ප්‍රසූතිය  සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හඳුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට අධික කාලයක් තිස්සේ තරුණිය බලහත්කාරයෙන් නිවෙසක රඳවාගෙන රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයක පලතුරු ආහාරයට ලබාදීමේ පුවතක් හිඟුරක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ. 
නැති වූ මාලය තරුණියගේ තිසර පට තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි. 
රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණිය  සහ ඇය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 
මාලය නැතිවූ පුද්ගලයා ධනවතකු වන අතර බිරිය තෙවැනි දරුවා බිහිකර සති දෙකකට පමණ පසු ඔහු තම පෞද්ගලික අවශ්‍යතාව යහළුවකුට පවසා ඇත. 
ඒ අනුව ඔහු සිය නිවසේදී ඉකුත් ජූලි 29 දා තරුණිය මුණගස්වා ඇති බව පොලිසිය පවසයි. 


ටික වේලාවක් තරුණිය සමග කතා කරමින් සිටින විට තරුණිය ‘ආ  අයියා ලස්සන චේන් එකක් දාගෙන ඉන්නවානෙ. පොඩ්ඩක් දෙනවද දාගෙන ඉන්න’ යැයි පවසා තරුණයාගෙන්  පවුම් තුනහමාරක් බරැති මාලය ගලවාගෙන ඇයගේ ගෙලේ පළඳවාගෙන ඇත. 
මද වේලාවකට පසු තරුණයා අසල වෙළඳසලකට ගොස් පැමිණ බලද්දී තම මාලය තරුණියගේ ගෙලේ නොමැති බව දැක ප්‍රශ්න කිරීමේදී ඇය මාලය ගිල දැමූ බව පවසා ඇත.
තරුණිය එදින එම නිවසේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන පසුදා එක්ස්රේ එකක් ලබාගෙන ඇති අතර එහි තරුණියගේ උදරය තුළ රන් මාලය තිබෙන බව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි. 
පසුව ඇය තම මිතුරකුගේ නිවසේ නවත්වා ඇයට නිරන්තරයෙන් පලතුරු ආහාර ලබාදී ඇත. දින පහක් පමණ රුපියල් 20,000ක් පමණ  වටිනාකමකින් යුතු පලතුරු ලබා දුන්නද මාලය ලැබී නොමැති බව   අනාවරණය වී තිබේ. හයවැනි දින අලුයම තරුණියට මාලය හමුවී ඇය එයද රැගෙන නිවසින් පලා යද්දී ඇය රඳවාගෙන සිටි තිදෙනා ඇය සොයා ගොස් ඇති අතර බියට පත් තරුණිය යුද හමුදා කඳවුරකට දුවගොස් ඇතැයි කියයි. 
යුද හමුදා කඳවුරේ නිලධාරීන් මින්නේරිය පොලිසියට බාරදුන් තරුණිය පසුව හිඟුරක්ගොඩ පොලිසියට බාරදී ඇති අතර එම අවස්ථාවේදී රන් මාලය හිමි තරුණයාද තම මාලය නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණ ඇත. 


පැමිණිල්ල ලියාගැනීමෙන් අනතුරුව තරුණිය පරීක්ෂා කිරීමේදී ඇයගේ තිසරපට තුළ තිබී රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා මාලය හමු වූ බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. 
සැකකාරිය සහ සැකකරුවෝ සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති. 
හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් ප්‍රියන්ත (51138), කාන්තා පොලිස් සැරයන් අසෝකා (2408), කාන්තා පොලිස් කොස්තාපල් ඉඩමේගම (6782)  යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.  

 



අදහස් (0)

ලක්ෂ 7 ක රන්’ මාලය ගන්න තරුණියක ගේක හිරකර විසිදාහක පලතුරු කන්න දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17650 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site