වටිනා රන් භාණ්ඩ දමා තිබූ රෙදි උරය ඇත්වැරදීමකින් ප්‍රදේශයේ කසළ එකතු කරන ලොරියට දමා තිබියදී පසුව සොයාගත් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය සැකෙමින් මෙසේය.

නිවස ඉදිරි දිනයෙක පැවැත්වෙන උත්සවයක් සඳහා සූදානම් කරමින් තිබිණි.
ඥාති හිතවතුන් පැමිණ නිවස ඇතුළත හා පිටත ශුද්ධ පවිත්‍ර කිරීමට උදව්වී තිබෙන අතර එහි ගේ මුල්ලක රෙදි උරයක් තිබී ඇත. එය පරීක්ෂා නොකළ අයකු ඒ තුළට තවත් කසළ දමා පාරේ ගිය ප්‍රදේශයේ කුණු ලොරියට දමා තිබේ.
පසුව නිවසේ හිමියාගේ බිරියට රෙදි උරය මතක්වී සොයන විට එය තිබූ තැන නොතිබුණු නිසා කලබලවී සොයනවිට කෙනකු පරණ රෙදි උරය කුණු ලොරියට දුන්නා යැයි කියා ඇත. ඒ කතාවෙන් තවත් කලබල වූ නිවසේ කෙනෙක් ලොරිය සොයා දිවගොස් ඇත.
ඒ වනවිටත් කුණු ලොරිය අදාළ කසල අංගනය වෙත ගොස් අවසන්ය.
සේවකයෝ කසළ බෑමට සූදානම් වනවිට අනේ මල්ලිලා පොඞ්ඩක් ඉන්න මගේ වටිනා උරයක් වැරදීමකින් කසළ ගොඩට වැටිලා යැයි පැමිණි අය කියා ඇත. බලන්න බලන්න හොඳට බලන්න අපිට නම් වටිනා දෙයක් හම්බ වුණේ නෑ යැයි සේවකයෙක් එවිට කියා ඇත.
පසුව තවදුරටත් ලොරියේ කුණු පරීක්ෂා කරද්දී එහි කොනක පරණ රෙදි උරය තිබෙනු දැක එය බලද්දී රත්තරං බඩු තිබී ඇත. ඇති යාන්තං හම්බ වුණා. බැංකුවෙන් බේරාගෙන ආවේ පෙරේදා. තව පොඞ්ඩෙන් ලක්ෂ 10ක විතර රත්තරං කුණු යටම යනවා යැයි පවසමින් ඉහවහ ගිය සතුටෙන් කුණු අදින මල්ලිලාටත් පිං දෙමින් පැමිණි අය රන් උරයත් ගෙන පිටත්ව ගියේය.
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 10 ක රන් බඩුත් අරන් කුණු ලොරිය යන්නම ගිහින්