IMG-LOGO

ලොක්කට වැරදිලා - සේවිකාව මැළවිලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ආයතන ප්‍රධානියකු සේවා ස්ථානය වෙත පැමිණ තමා පැළඳගෙන සිටි මුඛ ආවරණය ආයතනයේ තබා සේවිකාවකගේ මුඛ ආවරණයක් දමාගෙන ආයතනයෙන් නික්ම යාමේ පුවතක් රජරට පුරවරයෙන් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


කොරෝනා තත්ත්වය හමුවේ පැවැති ඇඳිරි නීතිය ඉවත් කර සාමාන්‍ය පරිදි වැඩ කටයුතු පවත්වාගෙන යෑමේ දොරගුළු ඉකුත් 11 වැනිදා විවර විය.


ඒ අනුව මෙම රාජ්‍ය ආයතනයට පැමිණි ආයතන ප්‍රධානියා සෞඛ්‍ය විධි අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය තබාගෙන තම සේවකයන්ට කටයුතු කරන්නට උපදෙස් දී තිබුණි.


එලෙස පැමිණි නිලධාරීන් හා ලිපිකාරිනියන් කිහිප දෙනකු සමග ආයතනයේ ප්‍රධානියා ද කාර්යාලයේ රැඳී කටයුතු කළ අතර, අන් සේවක සේවිකාවෝ යාබද කාමරවල සේවය කළහ.


ඔහු දුර බැහැර සිට පැමිණෙන්නකු බැවින් අන් අය සේවා ස්ථානයේ රැඳී සිටියදීම ඔහු ආයතනයෙන් නික්ම ගියේය.


ඔහු ගිය පසුව අන් අය ද සේවා ස්ථානයෙන් නික්ම යාමට සැරසෙන අවස්ථාවේදී එහි සේවිකාවකගේ මුඛ ආවරණය නොමැති බව පවසා අන් අය හා එක්ව එය සොයන්නට විය.


ආයතන ප්‍රධානියාගේ පුටුව අසල මුඛ ආවරණයක් ඇතත්, එය ඇයගේ නොවන බව ඇය කියයි.


ඇය ආයතනය පවිත්‍ර කර ඇයගේ මුඛ ආවරණය ඉදිරියේ කාමරය අසල වේළෙන්නට තැබූ බවත්, ආයතන ප්‍රධානියා එකී ටැප් එක අසලට ගොස් මුහුණ කට සෝදාගෙන පසුව ඒ අසල තිබූ මුඛ ආවරණය දමාගෙන නික්ම ගොස් ඇති බවත් පසුව අනාවරණය විය.


ඒ ගැන විමසීමේදී එකම හැඩයෙන් යුත් මුඛ ආවරණ නිසා මෙම අකරතැබ්බය සිදුවී ඇති බවත්, සිද්ධිය අන් නිලධාරීන් දැනුම්දීමත් සමගම ප්‍රධානියා වහ වහා පාමසියක් වෙත ගොස් අලුතින් මුඛ ආවරණයක් මිලදී ගෙන පැළඳ සිටි මුඛ ආවරණය ඉවත් කර ඇති නමුත්, සේවිකාව කිසි දෙයක් කර කියා ගත නොහැකිව අන්ත අසරණ වූ බවත් දැන ගන්නට ලැබුණි.

 



අදහස් (0)

ලොක්කට වැරදිලා - සේවිකාව මැළවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 431 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site