IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලොක්කාගේ බලු‍ වැඩෙන් ඉහ මොළ රත්වෙලා

හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන
කාර්යාලය භුමියේ සිටි සුනඛයන් කිහිප දෙනෙකු සේවකයෙකුගේ නිවසට රැගෙන ගොස් බාරදුන් ආයතන ප්‍රධානියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
සුනඛයන් බහුලව ගැවසීම නිසා සේවකයන්ගේ සෞඛ්‍යයට සහ පරිසරයට හානියක් සිදුවෙමින් පැවැති කාර්යාලයක් විය. සුනඛයන් ගහනය වර්ධනය පාලනය කිරීම සඳහා කාර්යාලයේ ප්‍රධානින් විසින් විවිධ ක්‍රම භාවිතා කළද ඇතැම් සේවකයෝ කිසිවෙකුට නොදැනෙන පරිදි සුනඛයන්ට ආහාර ගෙනවිත් දීම පුරුද්දක් ලෙස සිදුකළහ.
කාර්යාල පරිශ්‍රය තුළ සුනඛයන් නිතර ගැවසීම ප්‍රධානියාට වහකදුරු වූ කාරණයක් විය. එම කාර්යාලයට ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර  ඇති අතර සුනඛයන්ට කෑම ගෙනවිත් දෙන අය පිළිබඳව දර්ශන එහි සටහන් වී ඇති අයුරු ආයතන ප්‍රධානියා නිරීක්ෂණය කළේය.


දිනපතා කාර්යාලයට පැමිණෙන විට අමතර කෑම පාර්සල් කිහිපයක් රැගෙන විත් කිසිවෙකුටත් නෙත නොගැටෙන පරිදි සුනඛයන්ට දීමට එක් සේවකයෙක් පුරුද්දක් ලෙස සිදුකළේය. ආරක්ෂක කැමරාවේ සටහන් දුටු ප්‍රධානියාට යක්ෂාරූඪ වූ අතර සුළු සේවකයන් කිහිපදෙනෙකු කැඳවා සුනඛයන් කිහිපදෙනෙකු අල්ලා කාර්යාලයේ වාහනයට දමන ලෙස උපදෙස් දී ඇති බව පැවසේ.
අනතුරුව රියදුරු සහ එම සේවකයන් දෙදෙනා ද වාහනයට නංවාගෙන සුනඛයන්ට කෑම සපයන නිලධාරියගේ නිවසට ගොස් සුනඛයන් හතර දෙනෙකු බාරදී ඇති බව සැලවේ. කාර්යාලයට යන අවස්ථාවලදී සුනඛයන්ට කෑම රැගෙන යාම නිලධාරියාට කරදරයක් බැවින් එම කාර්ය පහසු කරවීම සඳහා සුනඛයන් ගෙදරටම ගෙනත් දුන් බව සේවකයාගේ බිරිඳට ද පවසා පිරිස පිටව ගියහ.
සුනඛයන් හතර දෙනෙකු ගෙදරට ගෙනත් දුන් බව බිරිය සැමියාට පැවසීමත් සමග ඔහුගේ ඉහමොළ රත් වූයේය. කිසිවක් කරකියාගත නොහැකිව දස අතේ කල්පනා කළ සේවකයා කාර්යාල මිතුරන් කිහිපදෙනෙකුට කාරණය පැහැදිලි කළේය.
සවස් වන විට කාර්යාලය පුරා කතාව පැතිර ගිය අතර එදින සවස ඉතිරිවන කෑම පවා සුනඛයන්ට නොදමා කුණු බඳුන්වලට දැමීම එම කාර්යාලයේ සියලු‍ම සේවකයෝ වගබලාගත්හ.



අදහස් (0)

ලොක්කාගේ බලු‍ වැඩෙන් ඉහ මොළ රත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 176 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 381 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site