ආයතන ප්‍රධානියාට ළං වෙන්න ගිය රූමත් තරුණ සේවිකාවකට ආයතන ප්‍රධානියා දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ගාලු දිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අසන්නට ලැබේ.
කළුවුවත් දැකුම් කළු නිසා ආයතනයේ ඕනෑම සේවිකාවකට වරක් දුටුව හොත් දෙවරක් බලන්න සිතෙන පෞරුෂත්වයකින් හෙබි සිරුරක් මේ ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබී තිබුණේ සහජයෙන්මය. බල ප්‍රදේශයේ කාගේත් හොඳ හිත දිනාගෙන තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන සිටි මේ ප්‍රාදේශීය ලේකම්වරයා දෙස රූමත් කාන්තාවන් දෙතුන් දෙනෙකුගේම නෙත ගැටී තිබීම මුසාවක් නොවේ. මේ අතරින් එක් සේවිකාවක් අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේටත් ලිපි ගොනුවක් තුරුළු කරගෙන ප්‍රාදේශීය ලේකම්වරයාගේ කාමරයට ගොඩ වදින්නේ ඔහුට වඩාත්ම සමීප වෙමිනි. මේ තැනැත්තිය ඉවෙන් මෙන් දැනගත් ප්‍රාදේශීය ලේකම්වරයා ඇය සේවය කරන අංශ ප්‍රධානියා කැඳවා මැය මොනම හේතුවකටවත් ලිපි ගොනු උස්සාගෙන කාමරයට ඒම තහනම් කිරීමට උපදෙස් දුන්නේය. ඒ අංශයේ අවශ්‍ය ලිපි ගොනු වෙනත් සේවකයකු අත එවන ලෙස ද මේ ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් අංශ ප්‍රධානියාට දැනුම් දුන්නේය.
තමාට ළං වෙන්න උත්සාහ කළ සේවිකාවට දැමූ මේ අපූරු දඬුවම ගැන දැනගත් එම සේවිකාව ළං කර ගැනීමට මාන බලා සිටි සේවකයන් කීවේ මේ වගේ චාන්ස් එකක් අතට ආවාම එය නොගෙන ඉන්න රජයේ සේවකයන් තවමත් ඉන්නා බව තමන්ගේ ලොක්කාගෙන් දැනගත් බවය.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොක්කාගේ ඇඟේ ඇලෙන්න ගිය රූමතියගේ චාන්ස් එක මිස්වෙලා