IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිළවා ඇඳුම හොරාගෙන: නළුවා පාරෙත් රජවෙලා

 ටෙලිනාට්‍ය සඳහා රජ ඇඳුම්  ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදුවූ අකරතැබ්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවසටත් යාමට සිදුවූ සිදුවීමක් කුරුණෑගල නගරයෙන් වාර්තා විය.


 ඔහු 60 හැවිරිදි වුවත් මනා තේජස් පෙනුමින් යුතු කලාකාමි පුද්ගලයෙකි. නාට්‍ය රඟපෑමට වැඩි රුචියක් දැක්වූ නිසාම තම යහළුවකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍යයක රජ කෙනකුගේ චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව උදාවිය. දැඩි සතුටට පත් මොහු පුහුණු කටයුතු අවසන් වී නාට්‍ය රූගත කරන දිනයේ රාජ ආභරණ ඇඳුම්  සියල්ල ගමන් මල්ලේ අසුරාගෙන නියමිත ස්ථානයට පැමිණියේය.


 අසල විහාරස්ථානයේ යාබඳව පිහිටි ගලමත දී ඔහු රාජ චරිතයට පණ දුන්නේය. රූගත කිරීම් අවසානයේ ඔහු  රජ ඇඳුම්  ගලවා තම ඇඳුම් සෙව්වේ නගරයේ කාර්යාලයක මිත්‍රයකුගෙන් හදිසියේ ආ දුරකතන ඇමතුමක් නිසාය.


එම දුරකතන ඇමතුමෙන් පැවසුවේ ඔහුගේ අවශ්‍යතාවක් ඉටුකරදීමට නගරයේ කාර්යාලය වෙත වහා පැමිණෙන ලෙසය.


වහා කලිසම ඇඳගත් ඔහු තම කමිසය සෙව්වේ තිබූ තැන නොතිබූ නිසාය. විහාරස්ථානයේ සිටි දරුවකු තමා දෙසට දිව එන අයුරු ඔහු දුටුවේය.


“සර් සර්ගෙ අර ගහේ එල්ලලා තිබුණ කමිසේ රිලව් වගයක් ගෙනිහිල්ලා කීතු කරලා”


සුසුමක් හෙලූ නළුවා වෙනත් කළ යුතු දෙයක් නැති තැන තම කලිසමට උඩින් රජ චරිතයේ කමිසය ඇඳ ගත්තේය. 


දිස්නය දීමට පබලු හා රිදී, රන් පාටවලින් අලංකාර කරන ලද රාජ කමිසය ඇඳගෙනම ඔහු නගරයේ කාර්යාලය වෙත ගියේ වෙනත් කිසිවක් කළ නොහැකි නිසාමය.
කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු දෙස විමතියෙන් බලන්නට වූයෙන් ඔහු යහළුවාට සියල්ල පැවසීය.
“අලුත් පැෂන් එකක්” යාළුවා  කීවේය. 

(මාවතගම කාන්චනමාල් බණ්ඩාර)



අදහස් (0)

රිළවා ඇඳුම හොරාගෙන: නළුවා පාරෙත් රජවෙලා

රූපවති Tuesday, 19 July 2016 09:55 AM

අැයි අනේ මේ පරණ තැටියක් කරකවලා...?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 July 2016 12:59 PM

මේකනම් දෙය්යෝ සාක්කිම තමයි (බ)

:       0       0

අජිත් Thursday, 21 July 2016 12:46 PM

මේක මේ පරණ කතාවක්නේ. (අ)

:       0       0

ජයරත්න Tuesday, 19 July 2016 08:30 PM

ඒ පැෂන් එකත් නරකම නැහැ වගේ (නි)

:       0       0

ජනිත් Thursday, 21 July 2016 05:16 AM

වදුරෝ රිලවු ඔය වැඩ කරන බව කවුරුත් දැනගෙන ඉන්න එක හොඳයි.(හේ)

:       0       0

නුවන් Tuesday, 19 July 2016 08:21 AM

මේක හුගක් පරණ කතාවක්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site