
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
දුම්බර මිටියාවතේ සංචාරයේ පැමිණි පිරිසක සිටි කාන්තාවන් තිදෙනකුගේ තිසරපට රිළවුන් තිදෙනකු පැහැර ගැනීමෙන් වූ අකරතැබ්බයක් පිළිබඳ පාතදුම්බර වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේයි.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ සේවක පිරිසක් ඉකුත් සතිඅන්තයේ දුම්බර මිටියාවතේ සුන්දරත්වය දැක ගැනීමට පැමිණ ඇත.
එසේ යන ගමනේ දොළොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසේ සිටි කාන්තාවන් තිදෙනාගේ බලවත් ඉල්ලීම පරිදි වත්තේගම ‘රහස් ඇල්ලේ’ දිය නෑමට ඔවුනට සිත් පහළවී ඇත්තේ එහි ඇති ස්වභාවික නාන තටාකවලින් ද සමන්විත සුන්දරත්වය නිසාමය.
ඇඳ සිටි ඇඳුම් එහි වූ ගල් තලාවක උනා දමා දිය නෑමට සුදුසු ඇඳුමින් සැරැසී දියබුන් ගසමින් විනෝද වූ පිරිස නැවත පැමිණීමට සැරසෙත්ම ගල්තලාව ආසන්නයේ සිටි රිළා රංචුවක රිළා නාම්බන් තිදෙනකු වහා කාන්තාවන් තිදෙනාගේ තිසරපට රැගෙන පලා ගියේ කාන්තාවන් තිදෙනා පමණක් නොව සෙස්සන් ද අන්දමන්ද කරමිනි.
කෙසේ නමුත් අවසානයේ සංචාරයට පැමිණි පිරිසේ සිටි පිරිමින් කිහිප දෙනකු වත්තේගම නගරයට ගොස් අවශ්‍ය මිමි පවසමින් තිසරපට තුනක් මිලදී ගෙන නැවත රහස් ඇල්ලට පැමිණි බව වාර්තා වේ.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රිළවුන් තිසරපට පැහැරගෙන ඇබැද්දියක්
pakeer Friday, 27 July 2018 06:39 PM
හරිම විනෝදජනක සිද්ධියක්!
samarage Sunday, 29 July 2018 01:57 AM
ගිය ආත්මේ ඇඳුරුම්කමක්වත් මතුවුණාද?
Chandima Monday, 30 July 2018 12:41 PM
ඇයි අනේ රිලව් කියලා නෙමෙයි... මේ අයටත් ඒවායේ කිරි සුවඳ දැනෙන්න ඇති...