IMG-LOGO

රිසව් දාන්න ගිහින් ත්‍රිරෝද රියැදුරුට තොප්පියක්

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
අකුණු ගසමින් ඇද හැලෙන ධාරාණිපාත වැස්සය. නගරයේ මංමාවත් සියල්ලම පාහේ යටවී ඇත. බස් නැවතුමේ සිටි මව සහ දියණිය තද සුළඟින් හමා එන වැහිපොදවලින් බේරීමට ඒ මේ අතට කැරකුණත් බේරීම පහසු නොවීය.


“අම්මේ අදනං ගෙදර යන්න වෙන්නේ නැහැ වගෙයි. අපේ පාරෙ යන බස් එකත් නැහැ. පාරෙ වතුර පිරිලා ඇති. එහෙම වුණොත් බස්එක එන එකකුත් නැහැ” දියණිය අම්මාට කීවාය.


“අපි බලමු තව ටිකක් පායාවිද කියලා. අපේ පාරෙ බස් එක නාවොත් ත්‍රිවිල් එකකවත් යමු” අම්මා යෝජනා කළාය.


එහෙත් වැස්ස පායනවා වෙනුවට තවත් තද කළේය. එනිසා බස් නැවතුම ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයකට දුව අත වැනුවාය. අධික වැස්ස නිසා දෙපසම තිර රෙදිවලින් ආවරණය කරන ලද ත්‍රිරෝද රථය බස් නැවතුමේ වේදිකාව අසළට ළඟාවිය. පළමුව දියණිය ගොඩ වූ අතර පසුව මව ගොඩ වූවාය.


මව මැදි වයස ඉක්මවා සිටි අතර දියණිය අවුරුදු විසි පහක තරම් වයසේ විය. ත්‍රිරෝද රියේ වාඩි වූ පසු ඇය ඇඳ සිටි කොට ගවුම තවත් ටිකක් දණ හිසෙන් උඩට හැකිලී ගියේය. වතුර දෙබෑ කරමින් යමින් සිටි ත්‍රිරෝද රථයේ රියැදුරා වේගය මදක් අඩුකොට එක් වරම දියණිය වාඩිවී සිටි අසුන යටට අත දමන්නට විය.


එසේ අත දමනවිට ඔහුගේ අත ඇයගේ දකුණු කකුලේ වැදිණ. මෙය දුටු අම්මාට ඉහවහා කෙන්ති ගියාය. “මොකද ඕයි ගැනු ළමයින්ගේ කකුල් අත ගාන්නේ. තමුසෙ ඒකට වෙන කෙනෙක් හොයාගන්නවා.” 


“අපොයි මං කකුල් අත ගෑවෙ නැහැ. මම රිසව් එක දැම්මා.” රියැදුරා කීවේය.


අම්මාගේ කට වැසීමට දියණිය කොතෙක් උත්සාහ ගත්තත් වැඩක් නොවීය. ගෙට ගොඩ වූ ගමන්ම “ත්‍රීවීල් ඩ්‍රයිවර් අක්කාගේ කකුල අතගෑවා” යයි මව පුතාට කීවාය. වහාම පුතා ආවේ ත්‍රීවිලරයට යාමට ඉඩ දීමට නොවේ. එහෙත් රියැදුරා කරුණු පැහැදිලි කිරීමෙන් පසු “හරි හරි යන්න අයියා” කියමින් ඔහු රියැදුරාගේ පිටට තට්ටුවක් ද දැම්මේය.  

 



අදහස් (1)

රිසව් දාන්න ගිහින් ත්‍රිරෝද රියැදුරුට තොප්පියක්

රිතික් Thursday, 24 May 2018 04:30 PM

බස්වල කෝච්චි වල යනකොටත් රිසව් දානවා මම

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site