(තිහගොඩ උපසේන ලියනගම)
පාසලේ සේවය කරමින් සිටියදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බව දන්වමිනි. කලබලයට පත් ඔහු වහාම නිවාඩු දමා යතුරුපැදියට නැග්ගේ කඩිනමින් රෝහලට යාමටය. නගරය මැදදී පොලිස් නිලධාරියකු යතුරුපැදිය නතර කළේ එහි වේගය වැඩි බව පවසමිනි. “ටවුන් එකේ යන වේගය දන්නෙ නැද්ද?” කියූ ඔහු දඩ කොළයක් ලියූ අතර ඔහු එය රැගෙන සාක්කුවේ දමා ගත්තේය.
රෝහලට ගොස් බිරියගේ රෝගී තත්ත්වය සොයා බැලූ ඔහු තමාට දුන් දඩ කොළය ද සාක්කුවෙන් ගෙන බැලූ විට තරු පෙනිණි. එහි වූයේ පදවාගෙන ගිය වෑන් රථයේ බලපත්‍රය හා රක්ෂණ සහතිකය නැති නිසා දඩ ගසන බවකි.
පසුදාම පොලිසියට ගොස් අදාළ නිලධාරියා හමුවී මේ ගැන කී විට දඩ කොළය පරීක්‍ෂා කළ ඔහු “හත් දෙයියනේ මට ලකුණු කරන කොටුව මාරුවෙලා” කියමින් සුළු දඩයක් ගසා ඔහු ආපසු පිටත් කිරීමට කටයුතු කළේලු.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා