(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රියැදුරා කෙටි පණිවිඩ යවමින් බසය පදවද්දී මගීන් ජීවිතයත් මරණයත් අතර ගමනක යෙදුණු අවස්ථාවක් පසුගිය ඉරිදා ගම්පහ හා යක්කල අතරදී දැකගත හැකි විය.
වේලාව රාත්‍රි 7.45 ට පමණය. කිරිඳිවැල දක්වා යන පෞද්ගලික බසය ගමන් ඇරඹුවේ දුම්රියෙන් පැමිණි මගීන්ද ගොඩවීමෙන් පසුවය. රියැදුරු ගමනේ යෙදුනේ එක් අතකින් සුක්කානම කරකවමිනි. අනෙක් අතේ නවීන පන්නයේ ජංගම දුරකතනයකි.
තනි අතින් රිය පදවමින් ජංගම දුරකතනයෙන් කිසිවකු හා කෙටි පණිවිඩ යැවීමේ යෙදුණු අයුරු මගීන්ට දැක ගත හැකිවිය. මගී ජීවිත රියැදුරු දෑතට බාරයි කීවාට මේ බසයේ ජීවිත බාරවී තිබුණේ රියැදුරුගේ එක් අතකටය.
යක්කල නගරය පසුකරන තුරුම රියැදුරාගේ ගමන එසේ විය. යක්කලදී බසයෙන් බැස්ස මගීන් දෙදෙනකු “ඇති යාන්තන් ජීවිතේ බේරගෙන බැහැගත්තායි” එකිනෙකාට පැවසුවේ සුසුමක් හෙළමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රියැදුරු මගීන් රැසක් තනි අතින් රැගෙන ගිහින්
ශංඛ Thursday, 26 December 2019 09:32 AM
පෞද්ගලික බස් රියදුරන්ගෙන් බොහෝ දෙකෙකුගෙ විනය අන්තිමයි. මගී ජීවිත ගැන මායිම් කරන්නෙම නෑ. කවුරු කොහොම කිවුවත් මේව දැක්කහම පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කලයුතුයි.