IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රියැදුරුගේ සෙරෙප්පු ජෝඩුව උස්සා කොන්දොස්තරට විකුණලා

බස් රථ රියැදුරකුගේ පාවහන් යුගලක් සොරකම් කොට එම බස් රථයේම කොන්දොස්තර මහතාට රුපියල් සියයකට විකුණූ පුවතක් මහියංගණ ප්‍රදේශයෙන් වාර්තා වේ. 


රාත්‍රී කොළඹ දක්වා දිවෙන පෞද්ගලික බස් රථයක් තම ගමන්වාරය එළඹෙන තුරු බස් නැවතුම්පොළේ නවතා රියැදුරු බස් රථයෙන් බිමට බැස තම කකුලේ එක් සෙරෙප්පුවක් ගලවා එම කකුල බස් රථයට හේත්තු කරගෙන ටික වේලාවක් තනි කකුලෙන් සිට ඇත.
නැවත කකුලට සෙරෙප්පුව දමා ගැනීමට සූදානම් වනවිට එම සෙරෙප්පුව නොමැති නිසා කලුවරේ බල්ලෙක්වත් ගෙන යෑමට ඇතැයි සිතා අනෙක් සෙරෙප්පුව ද විසිකොට බුලත් විටක් ගැනීමට එතැනින් ඉවත් වී ළඟපාත කඩයකට ගොස් ඇත. 


පාන්දර වනවිට කොළඹට පැමිණ බසයෙන් මගීන් බස්සවා සුපුරුදු පරිදි බස් රථය නවත්වන ස්ථානයට ගොස් රියැදුරු කොන්දොස්තර දෙදෙනා අතපය මුහුණ සෝදා ගැනීමට යාමේදී කොන්දොස්තර විසින් තමා පෙර දින රාත්‍රී බස් නැවතුමේ තරුණයකුගෙන් රුපියල් සියයකට අලුත්ම පාවහන් යුගලක් මිලදී ගත් අතර එය හොඳ ද කියා රියැදුරුගෙන් විමසා ඇත. 


එවිට රියැදුරු මෙය තමාගේ පෙරදින නැතිවූ සෙරෙප්පුව බවත් මිලදී ගත්තේ කාගෙන්ද බවත් අසා ඇත. එවිට කොන්දොස්තර බස් නැවතුමේදී තමාට පාවහන් යුගල විකිණූ තරුණයා පිළිබඳ පවසා ඇත. 


ඔහු පිළිබඳව ඔවුනට එතරම් නිච්චියක් නොවූවත් නගරයේ එවැනි සොරකම් කරන පුද්ගලයින් නැතුවා ද නොවේ යන්න දෙදෙනාටම සිහිවී ඇත.


එහෙනම් මේ සෙරෙප්පු ජෝඩුව තියාගන්න කියා කොන්දොස්තර විසින් නැවතත් රියැදුරුට එය භාර දී ඇත. පසුව දෙදෙනාම බඩ අල්ලන් සිනාසුනේ ගමන් විඩාව සන්සිඳුවා ගැනීමට මෙනි. 
(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)

 



අදහස් (0)

රියැදුරුගේ සෙරෙප්පු ජෝඩුව උස්සා කොන්දොස්තරට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site