IMG-LOGO

රියැදුරාගේ තදියමට බස්පොළක් ඇවිළිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කලබලය නිසා මගියාගේ රෙදි බෑගය පමණක් රැගෙන කුලී ගමනක් ගිය ත්‍රිරෝද රථ රියදුරකු පිළිබඳව පසුගියදා ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන දුම්රිය පොළක් ආසන්නයෙන් වාර්තා විය.


හොඳින් හැඳ පැළඳගත් මගියෙකු විශාල බෑගයක්ද සමග නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පළට ආවේ දුම්රියෙන් බැසය. රියැදුරා සමීපයට ගිය ඔහු දුම්රිය පළේ සිට කිලෝමීටර් තුන හතරක දුරින් වූ ගමකට යාමට ගණන කීයද ඇසීය. ගණන් හිලව් කතා කරගත් මගියා සිය බෑගය ත්‍රිරෝද රථයට පැට වීය. මගියා නගින්නටත් පෙර රියැදුරා රිය පණ ගන්වාගෙන පිම්මේ ගියේ නයිවල දෙසටය.


ටික දුරක් යද්දී මගියාගේ හැළ හොල්මනක් නැති නිසා  රියැදුරා පිටුපස බැලීය. පුදුමයකි. මගියා නැත.  බෑගය පමණක් ඇත. තමන්ගේ කලබලේ නිසා මගියාට ගොඩවීමට  බැරිවන්නට ඇති බව තේරුම් ගත් ඔහු වහාම නගරයට ආවේ මගියා සොයන්නටය.


ඒ එද්දී නැවතුම්පොළේ ගිනි විජ්ජුම්බරයකි. තමන්ගේ වටිනා දේපළ රැගෙන ත්‍රිරෝද රථය පලාගිය බවට මගියා පොලිසියාමට සැරසී සිටියේය. අසල්වාසීන් ඔහු අස්වසද්දී ත්‍රිරෝද රියැදුරා රිය නවතා බැස මගියා අභිමුඛයේ වැඳ වැටී සමාව ඉල්ලා යළි ගමනට කැඳවාගෙන ගියේ තමන්ගේ කලබලේ නිසා සිදුවූ පාඩුව සිතින් දරාගෙනය.


නියමිත තැනට ගිය රියැදුරු මගියාගෙන් යළිත් සමාව ඉල්ලා සිටියේය. ඒ සියල්ලට සාවදානව ඇහුම්කන් දුන් මගියා පොරොන්දු වූ මුදලටත් වැඩියෙන් ඔහු අතමිටමොලවා ස්තුතියි කියා නිසොල්මනේම බැස ගියේය.



අදහස් (0)

රියැදුරාගේ තදියමට බස්පොළක් ඇවිළිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site