IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


රූප පෙට්ටියෙන් සැමියාගේ අනග රැගුම් අහුවෙලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රජයේ රැකියාවට අමතරව ව්‍යාපාරයක් පවත්වා ගෙන යන පුද්ගලයකු තම ආයතනයේ සේවය කරන රූමත් කාන්තාවක සමග මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට ගොස් සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර නමක් ඇති ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
රජයේ සේවකයා පියකරු පෙනුමක් හා කෙළිලොල් ජීවිතයක් ගතකළ එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබල  සාමාජිකයකු ලෙසද ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි.
සිය සේවා ස්ථානයේ මෙන්ම කා අතරත් ඔහු අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක්ද විය. රාජකාරිය මෙන්ම ව්‍යාපාර කටයුතු දැහැමි ලෙස සිදුකරන පුද්ගලයකු ලෙසින් ජනතාව අතර ප්‍රසාදයක් ලැබී තිබූ ප්‍රියමනාප පුද්ගලයකු වන මොහු විශේෂයෙන් සිය කාර්යාලයේ නිලධාරිනියන් අතර විශේෂ ප්‍රසිද්ධියක් උසුලන චරිතයක් ද විය.


සිය ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන තරුණ කාන්තාවක මොහු සමග හිතවත් විය. ව්‍යාපාරික ස්ථානය වසන වේලාව දක්වා රැඳී සිටින කාන්තාව සමග මුහුණු පොත ඔස්සේද ඔහු ගනුදෙනු සිදුකළේය. 
ව්‍යාපාරික කටයුතු පිළිබඳව නිතර නිතර සාකච්ඡා කිරීම නිසා ඔවුහු තවත් සමීප වූහ. දෙදෙනා අනියම් පෙම්වතුන් වීමට වැඩි කාලයක් ගත නොවූ අතර දෙදෙනා ව්‍යාපාරික ස්ථානයේදී සහ වෙනත් ස්ථානවලදී බොහෝ අවස්ථාවල හමුවූහ.
කාන්තාවගේ සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් සිදුකරන අතර ඔහු බිරියගේ කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ අතර කාන්තාව අතිකාල වැඩ කිරීමට සිදුවන බව සැමියාට පවසා ඇයද ඇතැම් දිනවල ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කාලයක් රැදී සිටියාය. 
සාකච්ඡා කරගත් පරිදි පසුගිය දිනක ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා ක්‍රීඩාංගණයක පැවැත්වෙන රැස්වීමක් නැරඹීමට නිවෙස්වලට නොදන්වා දෙදෙනාම ගියහ. 
බාහිර ලෝකය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා දෙදෙනාම ඉදිරිපස පනවා තිබූ අසුන් දෙකකට බර වී විවිධ දේ පිළිබඳව දොඩමළු වෙමින් රැස්වීම නැරඹූහ. ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් සහ කාර්යාල මිතුරන් රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටි අතර හිටි හැටියේම මෙම යුවළගේ සමීප දසුනක් රූපවාහිනි තිරයේ දිස්විය.
සියලු‍ම දෙනා පැහැදිලිව දෙදෙනා හඳුනාගත් අතර ව්‍යාපාරිකයාගේ කාර්යාල මිතුරන් එම දසුන දැක ඔහුට ඇමැතුම් ලබාගත්තද දුරකතන ක්‍රියාවිරහිත කර තිබූණි.
කිසිවක් නොදත් ඔහු පසුදා කාර්යාලයට ගියවිට මිතුරන් විසින් රූපවාහිනි දසුන් පෙන්වමින් ඊයේ රැස්වීමට ගියා නේද. යනුවෙන් සවස ප්‍රශ්න කිරීම නිසා ඔහුට උන්හිටි තැන් අමතක විය. සුළු වේලාවක් කාර්යාලයේ රැඳී සිටි ඔහු නිවාඩුවක් ලබාගෙන පිටව ගිය අතර බිරිඳ හා දරු දෙදෙනා සමග බිරිඳගේ මහගෙදර ගොස් කාලය ගතකළේය.
ව්‍යාපාරික ස්ථානයේ සෙසු සේවකයන් අතර සහ කාර්යාලයේ මිතුරන් අතර කතාව පැතිර යාමට වැඩි කාලයක් නොවූ අතර යෙහෙළියන් පිරිසක් විසින් බිරිඳගේ දුරකතනයට විඩියෝ දර්ශනය එවීමත් සමග ඇය යුද ප්‍රකාශ කළාය. කාන්තාවට ව්‍යාපාරික ස්ථානය තහනම් ප්‍රදේශයක් කළ අතර සැමියාට දේශපාලන කටයුතු සහ රාත්‍රී ගමන් බිමන් තහනම් කර ඇති බව පැවසේ.



අදහස් (0)

රූප පෙට්ටියෙන් සැමියාගේ අනග රැගුම් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site