IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


රූපවාහිනිය දුම්රියෙන් ගෙනයන්න 50ක අල්ලසක් දීලා

(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

ප‍්‍රධාන දුම්රිය ස්ථානයකට රාත‍්‍රී පැමිණි මගියකු අත එල්.ඊ.ඩී.වර්ගයේ රූපවාහිනියක් විය. තමන්ගේ ගමනාන්තයට ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගත් ඔහු ඇතුළුවන දොරටුව වෙත පැමිණියේය. ටිකට්පත පරීක්ෂා කළ දොරටුව අසල සිටි නිලධාරියා රූපවාහිනිය දෙස බලා එය ගෙනයාමට සල්ලි ගෙවන්න  ඕනේ යනුවෙන් පැවසීය.

මේක බර නැහැනේ. අතේ අරන් යන්න පුළුවන් නේ. මගියා පැවසූවිට එහෙම කරන්න බැහැ නිලධාරියා කීය.

මේ වෙලාවට ඔෆිස් එක වහලා. දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි. මගියා කාරුණිකව පැවසීය.

එවිටම දුම්රිය නියාමකවරයා දුම්රියට යෑමට සංඥා කරනු දැකගත හැකිවිය. එහෙනම් මට කීයක් හරි දීලා යන්නැයි පැවසූ නිලධාරියා අත රුපියල් පනහක් තැබිණි. ‘‘අපෝ මේක මදි’’ හෙතෙම පැවසූවිට, ‘‘ඔච්චරයි තියෙන්නේ’’ පැවසූ මගියා දුවගොස් දුම්රියට ගොඩවිය.



අදහස් (6)

රූපවාහිනිය දුම්රියෙන් ගෙනයන්න 50ක අල්ලසක් දීලා

r.r. Sunday, 23 July 2017 05:58 AM

දුම්රිය ස්ථානයේ කැමරා එහෙම නැතුවද ?

:       0       32

raveendra Wednesday, 26 July 2017 03:51 AM

දුම්රිය මගියාට "මේ වෙලාවට ඔෆිස් එක වහලා" යි කීමට මෙමනිලධාරියට තිබෙන බලය කුමක්ද ?? දෙවනුව එසේ කාර්යාලය පැය 24 ම විවර්තව තිබියයුතුය .තවද මගියාට තම බඩුබාහිරාදිය ගෙනයාමට පහසුකම් තිබිය යුතුය.වෙනත් රටවල මෙය ඉතා හොදින් ක්‍රියාත්මකවන අතර අපද ඒවා අපගේ මගින් හට ලබාදීම කලයුතුය .

:       0       2

bamunu Wednesday, 26 July 2017 06:49 AM

රවීන්ද්‍ර මේ කතාවේ අපේ ප්‍රස්තුතය විය යුත්තේ කාර්යාල වේලාවන් ගැන නොවේ. අපේ රටට මේ වෙලා තිබෙන්නේ මොකක්ද කියල.

:       2       0

Nandalal DE SILVA - France Wednesday, 26 July 2017 07:54 AM

මාර ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් මේ ටොපික් එකෙන්. දුම්රිය ස්ථානයේ කැමරා තිබුණත්, නැතත් දැලට අල්ලා ගන්න කිසිම අපහසුවක් නැහැ නේ. දුම්රිය දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකර අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු වෙනවා ! මේ කතාව තව දුරදිග ගියා නම් අසරණ මගියාට දුම්රිය වැරදී, බංකුවක රාත්‍රිය ගත කරන්නත් වෙන්න තිබුණා. මේ යුනිෆෝම් කරුට එරෙහිව මගියාට නඩු මගට බැසිය හැකි නොවේද ?

:       0       3

ටින්කිරි බණ්ඩා Thursday, 27 July 2017 08:53 AM

දුම්රිය සේවකයින්ට අල්ලස් දෙනවට වඩා ලොකු කොටි වලිගයක් තමයි, ලංකාවේ නඩු කියන එක නම්..

:       0       1

හර්ෂ මදුශාන් Thursday, 27 July 2017 03:00 PM

රුපියල් 50/= නේ... නඩු කිව්වා නම් ලෝයර්ට රුපියල් 1000/= ඒවා කීයක් නම් ගෙවන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 528 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 572 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 656 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 897 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 499 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 870 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 150 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1314 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 338 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site