IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රුපියල් දාහක් පෙන්වා දවස් පහක් බස් එකේ නොමිලේ ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
පැරැණි ජන කතාවල සඳහන් වන ගම හාමිනේගේ උම්බලකඩය පෞද්ගලික බස් රථයක් තුළින් මතුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස ප්‍රදේශයෙනි.


නගරයේ සිට ආසන්න ගමකට දිවෙන මෙම බස් රථයට නැග ගත් වියපත් දුගී මට්ටමේ පුද්ගලයකු රුපියල් දහයක දුර යාමට රුපියල් දාහේ කොළයක් දිගු කළේය. ‘මාරු සල්ලි රුපියල් දහයක් ගැනීමට නැද්දැයි’ ඇසූ විට ඔහු කීවේ ‘අනේ නෑ’ කියාය. ‘බස් එකට එනකොට මාරු සල්ලි ගේන්න ඕනෑ. නැත්නම් බහිනවා’ කොන්දොස්තර කීවේ කෝපයෙනි.


මෙය ඇසුණු අසල සිටි කෙනකු ‘දුප්පත් මනුස්සයා. මං රුපියල් දහය දෙන්නම්’ කීවේ ඔහු කෙරේ අනුකම්පාවෙනි.


‘නෑ මහත්තයා, මෙයා කරන්නේ කපටිකම. දැන් මේ බස් එකටම දවස් පහ හයක් ඔය රුපියල් දාහ පෙන්නල නිකන් ගියා. මේක අර ගම හාමිනේගෙ උම්බලකඬේ වගේ. ඒකත් අර හොද්දට දාල අරන් තියනව වගේ’ කීමෙන් මගීහු සිනා සෙන්නට පටන් ගත්හ.



අදහස් (0)

රුපියල් දාහක් පෙන්වා දවස් පහක් බස් එකේ නොමිලේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site