IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රන්රස සේ ඉඳලා රන්බඩු ටිකට විදලා

(දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති)
සිය යෙහෙළියගේ විවාහ ලියාපදිංචි උත්සවයට පැමිණි තරුණියක මනාලියගේ රන් මාලය සහ පෙන්ඩනය සොරාගෙන ගොස් උකස් කිරීමේ සිද්ධියක් මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.


 මෙම තරුණිය සිය යෙහෙළියගේ විවාහ උත්සවයට පෙර දින ඉකුත් (16) දා සියඹලාපේවත්ත යෙහෙළියගේ නිවෙසට පැමිණ ඇය සමඟ නිවසේ එකම කාමරයක රාත්‍රිය ගත කරමින් මනාලියගේ රන් භාණ්ඩ තැන්පත් කර ඇති ස්ථානය පිළිබඳව සෙවිල්ලෙන් සිට ඇත.
මනාලිය රාත්‍රී නින්දට යාමෙන් පසු හොර රහසේ අවදි වී ඇති මෙම තරුණිය අල්මාරියක තිබූ මනාලියගේ රන් මාලය සහ පෙන්ඩනය සොරාගෙන හිමිදිරියේ මෙම නිවෙසින් පලාගොස් ඇත.


 පසුව ඇය බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට රු. 29,000 කට රන්මාලය උකස් කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.


සැකකාරිය කොට්ටාව ප්‍රදේශයේදී මීගහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.


 මීගහවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වික්‍රමසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඒ.පී.ආර්. ප්‍රේමලාල්, පොලිස් කොස්තාපල්වරු වන 13405, අබේසිංහ, 78653 වීරසිංහ, 32625 තිලකරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 



අදහස් (0)

රන්රස සේ ඉඳලා රන්බඩු ටිකට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site